මේ මැතිවරණයේ ලංකාවේ සිතියම පාට කරන පක්ෂය තමයි නියත වශයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය දිනන්නේ – ආචාර්ය නන්දසිරි

dr-nandasiri-keebiyahetti

පළාත් පාලන මැතිවරණය යනු නොවැදගත් කුඩා මැතිවරණයක් ලෙස ඇතැමුන් මතයක් ගොඩ නැගීමට උත්සාහ කළද, මෙවර මෙම මැතිවරණය ලංකා ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණය බවට පත්වන බව රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි පවසනවා.

මෙම මැතිවරණයේදී ලංකාවේ සිතියම පාට කරන්නට සමත් වන පක්ෂය, නියත වශයෙන්ම මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී තුනෙන් දෙකක බහුතරයක් ලබාගෙන එය ජයග්‍රහණය කරන්නට සමත් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම නිසා මෙම පාළාත් පාලන මැතිවරණය හෑල්ලුවට ලක් කළ යුතු මැතිවරණයක් නොවන බව, රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු අවධාරණය කළා.