රා ඇතුළු දේශීය මධ්‍යසාර අපනයනය විදේශ විනිමය අර්බුදයට විසඳුමක් – රංජිත් සියඹලාපිටිය

R

දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රටේ පවතින විදේශ විනිමය ගැටලුවට විසඳුමක් ලෙස දේශීය මධ්‍යසාර අපනයනය ගැන අවධානය යොමු කර ඇති බවත් ඉල්ලුමක් සහිත දේශීය මධ්‍යසාර සඳහා නීත්‍යානුකූලව අවසර දීම විදේශ විනිමය ගැටලුවට විසඳුමක් වනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දැනට දේශීය මධ්‍යසාර ලෝකයේ රටවල් 35කට පමණ අපනයනය කරන බවත් 2021 වසරේ දී දේශීය මධ්‍යසාර අපනයනය කිරීමෙන් ලද ආදායම ඩොලර් මිලියන 20ක් බවත්, 2022 දී එය ඩොලර් මිලියන 21ක දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.