නෙළුම් කුළුණ ඇවිත් බලන්න, විනාස කරන්න එපා – නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම

lotus-tower

කොළඹ නෙළුම් කුළුණේ විවිධ කොටස්වලට හානි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම පවසනවා.

කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට හානි කරන ලද කිහිප දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි එම සමාගමේ නියෝජිතයෙක් සඳහන් කළේ.

එලෙස හානි කරන ලද කොටස් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශාල මුදලක් වැය වන බැවින් එවැනි ක්‍රියාවලින් වළකින ලෙසයි නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

නෙළුම් කුළුණ පැමිණ නරඹන ලෙසත් එය විනාස නොකරන ලෙසත් මෙය මහජන දේපළක් බැවින් එය ආරක්ෂා කරන ලෙසද නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා