”ආයේ විවාහ වෙනවට වැඩිය මේ තනිකම හොඳයි”- පියුමි බොතේජු

43206142Piyumi_Botheju_cover

කලා ක්ෂේත්‍රයේ ආදරණීය චරිතයක් තමයි පියුමි බොතේජු කියන්නේ’බෝනිකර තරු’” අමරබන්දු රූපසිංහ’ ”හාට් කට්’ වැනි නිර්මාණ රැසක් හරහාම පියුමි බොතේජු දැකගන්න පුළුවන් වෙනවා’ පියුමි පහුගිය දවස් ටිකේ අසනීප වෙලා හිටියා’  ඉතින් මේ ඇයත් එක්ක කළ කතා බහක්’

දැන් කොහොමද අසනීප තත්වය?
”ඔව් ගොඩක් අමාරුවෙලා හිටියා දරුණු විසබීජයක් ඇතුල්වෙලා කියලයි ඩොක්ටර් කිව්වේ’ දැන්නම් මට ගොඩක් දුරට හොඳයි” මේ වෙලාවේ ඩොක්ටර් කිවුවේ රෙස්ට් කරන්න කියලාත්‍ව’ ඒ නිසා මම පහුගිය සති දෙකේම රූගත කිරීම් කිසිම දෙයකට සම්බන්ධ වුණේ නෑ ඩොක්ටර් නම් කිවුවේ තව සති දෙකක්වත් මෙහෙම ඉන්න කියලා

ඇත්තටම කොහොමද පියුමි අසනීප වුනේ?
”මම අසනීප වෙනකොට වැඩ කලේ අමරබන්දු රූපසිංහ’ කියන සිරස නාලිකාවේ විකාශනය වන නාට්‍යයේ ත්‍ව මම අසනීප උනාම සිරස නාලිකාවේ අය තමයි මව වෛද්‍යවරු ලඟට එක්කගෙන ගියේ ඒ වගේම මට බෙහෙත් අරන් දීලා ගෙදර එක්කගෙන ආවෙත් ඒ අය” ඇත්තම කියනව නම් මනුස්සකම අතින් රත්තරන් මිනිස්සු ටිකක් සිරස ආයතනයේ ඉන්නේ’

හැබැයි මම අසනීප වෙන්න හේතු වුනේ වෙනත් නාට්‍යයක්’ ඒ නාට්‍යයේ රූගත
කිරීම් තිබ්බේ කැලේක ඒ කැලේදී පොඩි සත්තු වගයක් මගේ කකුල් දෙකට විදලා ඒ තැන්වල පලු‍ දැම්මා’ ඒ විදියට තමයි විසබීජයක් ගිහින් තියෙන්නේ’ කොච්චර
අමාරු උනාද කියනවනම් මගේ වැඩ ටික මට තනියම කරගන්න බැරි වුනා’ මම අසනීප වුන ටෙලිනාට්‍යයේ කිසිම කෙනෙක් මට කතා කරලා කොහොමදවත් ඇහුවේ නෑ මම හිතන් හිටියේ කලාව තුල ඉන්න අය හරිම මානුෂීය අය කියලා” ඒත් ඒක එහෙම නෑ කියලා ඒ අය ඔප්පුකරලා පෙන්නුවා”

රෝගල්ගත වුණ දවසේ හැමෝම දැනගත්තා පියුමි අසනීප වෙලා කියලාත්‍ව ඉතින් ඔබට ලැබුන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

”ශ්‍රී ජයවර්ධනපුර රෝහල කියන්නේ ආදරණීය මිනිස්සු ගොඩක් ඉන්න තැනක් මාව ඇඩ්මිට් කරපු තප්පරේ ඉඳල වෛද්‍යවරු හෙද හෙදියෝ මට සත්කාර කලේ හරිම ආදරෙන්’ ඒ කාර්ය මණ්ඩලයට මම අනෙක වාරයක් ස්තුති කරන්න ඕන’ ඒ වගේම ජාති ආගම් බේදයකින් තොරව මට ආශිර්වාද කරපු හැමෝටම මම ගොඩක් ආදරෙයි