මනි ඕඩර් කරපු මදි වුන රුපියල

The-Lanka-News1-300x180

පසුගියදා ඉන්ධන මිල අධික ලෙස ඉහළ දැමූ බලශක්ති ඇමති කංචන විජේසේකර ඊට හේතු දක්වමින් පවසා සිටියේ දිගටම පාඩු ලබන නිසා මෙසේ ඉහළ දැමූ බවත් වෙනස් කර ඇති නව මිල පවා රුපියලක් රජයට පාඩු ලබමින් මිල නියම කළ බවයි.

මෙම ප්‍රකාශය පාරිභෝගිකයින්ගේ කෝපයට මෙන්ම උපහාසයටද හේතුවූ අතර පසුගිය දිනවල ඉන්ධන පිරවුම්හල් රැසක ‘කංචනට රුපියලක්‘ රැස් කිරීමේ කැට තබා තිබුණි.

එහි දෙවන පියවර වශයෙන් අනුරාධපුර නගරයේ පිරවුම්හල් වලින් එක්රැස්වූ
රුපියලේ කාසි එකතුව කංචන ඇමතිවරයා වෙත යොමු කිරීමට පිරිසක් කටයුතු කර තිබේ. ඔවුන් රජයේ ඛණිජ තෙල් අමාත්‍යංශ කාර්යාලයට ගොස් එය යොමු කළ හැකි ආකාරය විමසා සිටීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ලිපිනයට කංචන විජේසේකර නමට කැටයට එක්රැස්වූ මුදල් ප්‍රමාණය මනි ඕඩරයක් හරහා යොමු කරන්නටද කටයුතු කර තිබුණි.

ඔවුන් දැක්වූ සටහනේ දැක්වෙන්නේ ‘කංචන මෙන්න රුපියල අපි ණය නෑ‘ යනුවෙනි.