ජොන්ස්ටන් ඇතුළට ගන්න – නීතිපති

Johnston-Fernando-Jonstan

පසුගිය මැයි 09 වනදා සාමකාමී අරගලයට පිරිසක් පහරදීම සඳහා කුපිතවන ලෙස කතා පැවැත්වූ හා ඒ සඳහා සැලසුම් කළ ප්‍රධාන සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති
දෙපාර්තමේන්තුව මගින් පොලිසියට දන්වා තිබේ.

මින් ඉහත පොලිස් අපරාධ කොට්ඨාසය මන්ත්‍රීවරයාගෙන් පැය 5 ක් ප්‍රකාශයක්
ලබාගත් නමුත් ඔහු අත්අඩංගුවට ගත්තේ නැත. ඔහු පිටවන දොරටුව අසළ
විරෝධතාකරුවන් ඔහුව අත්අඩංගුවට ගන්නැයි බලකරමින් සාටන් පාඨ කියවමින් සිටි බැවින් රහස් පොලිසියේ පස්සා දොරින් මන්ත්‍රීවරයාට පිටව යාමට
අවස්ථාවක්ද ලබාදී තිබුණි.

ජනපති හා අගමැතිට ඉතා සමීපව කටයුතු කරන්නෙකු ලෙස ප්‍රකට ජොන්ස්ටන්
ප්‍රනාන්දු සිය බලයේ ආනුභාවයෙන් නිරුපද්‍රිතව සිටින බවට මේ වනවිට ජනතාව
තුළ මතයක් නිර්මාණයවී ඇති අතරම නීතිය සැමට එකසමාන නැති බවටද මේ නිසා සාකච්ඡාවට ලක්ව තිබේ.