ශ්‍රී ලංකාවට G7 කණ්ඩායමේ සහය

shutterstock_1533765962-838x558

ශ්‍රී ලංකාව මේ වන විට සවෛරීත්ව ණය ගෙවීම් පැහැර හැර ඇති අවස්ථාවක ලෝක බලවතුන් 7 දෙනෙකුගෙන් සැදුම් ලත් G7 කණ්ඩායම විසින් ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයන්තයන්ට සහය ලබා දෙන බවට කෙටුම්පත් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

G7 කණ්ඩායම එලෙස පවසා ඇත්තේ ඊයේ (19) ජර්මනියේ පැවති රැස්වීමකදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

G7 රටවල් විසින් නිකුත් කර ඇති ප්‍රකාශයේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව මේ වන
විට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දිගුකාලීන විසඳුම්
සෙවීමට ඔවුන් කැප වී සිටින බවයි. එසේම විභව ණය වැඩ සටහනක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ “ඵලදායි සාකච්ඡා ” ආරම්භ කරන ලෙස ලංකාවෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය හා එක්සත්
ජනපදය යන සාමාජික රටවලින් G7 කණ්ඩායම සමන්විත වේ.