බිනරමලී සමුගනී

en.newswave.lk-veteran-actress-swarna-kahawita-has-passed-away-veteran-actress-swarna-kahawita-has-passed-away

ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට මහත්මිය අද අභාවප්‍රාප්ත වූවා
ය. කලක් රෝගාතුරව සිට ඇය අභාවප්‍රාප්ත වන විට 71 වන වියේ පසු විය.
කහවිටගේ දෝන ලීනා ස්වර්ණලතා පෙරේරා 1951 නොවැම්බර් 01 වන දා කොටහේනේ උපත ලැබුවා ය.
ඇගේ පියා වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා ලේක්හවුස් ආයතනයේ කලක් සේවය කළේ ය.

දශක 5කට අධික කාලයක් මෙරට සිනමාව වෙනුවෙන් දායකත්වය ලබාදුන් ඇය ප්‍රවීණ සිනමා පත්‍ර කලාවේදී ආරියරත්න කහවිටගේ නැගණියක් වන අතර ‘වෙසතුරු සිරිත’ චිත්‍රපටයේ සුළු චරිතයකට රංගන දායකවී ශ්‍රී ලාංකේය සිනමාවට පිවිසියාය.
අනතුරුව ‘බිනරමලී’ චිත්‍රපටයේ බිනරමලී ලෙස මුල්වරට ප්‍රධාන චරිතයක්
නිරූපණය කළ ඇය 1970 වසරේදී එම චරිතය වෙනුවෙන් හොඳ ම නිළියට හිමි සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

රහස් දූපත, රෑන ගිරව්, සිරිල් මල්ලි, රන් ඔන්චිල්ලා, අභිරහස, ඔන්න බබෝ
බිල්ලෝ එනවා, හරි ම බඩු තුනක්, දයාබර නිලූ ආදී චිත්‍රපට 35කට පමණ ඇය
රංගනයෙන් දායක වූවා ය.

ස්වර්ණා කහවිට මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල සුසාන
භූමියේදී හෙට (මැයි 24) පස්වරු 4.30ට සිදු කිරීමට නියමිතය.