හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර පැහැදිලි කිරීම

2f21ec7a-55e31699-harin-manusha-kiriella_850x460_acf_cropped

සජබ නියෝජනය කරමින් පක්ෂයේ මතයට පිටුපා ඇමති ධූර ලබාගත් හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන දෙදෙනා අද (20) දහවල් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමන් නව තනතුරු ලබාගත් ආකාරය ගැන පැහැදිලි කර තිබේ.

තමන් පක්ෂයේම සහය රනිල් වෙත ලබාගැනීමට අපමණ වෙහෙසක් ගත් බවත් නමුත් අසාර්ථකවූ නිසා රට ගොඩනගන වැඩපිළිවෙල ප්‍රමුඛ කාර්යය සේ සලකා රජයට එක්වූ බව කියා තිබේ.

සංචාරක හා ඉඩම් අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු හා කම්කරු හා විදේශ රැකියා
අමාත්‍ය ලෙස මනූෂ නානායක්කාර අද තනතුරු ලබාගත්හ.
හරින් ප්‍රනාන්දු මින් ඉහත කැබිනට් ඇමති පදවියක් ලබාගත්තද මනුෂ
නානායක්කාර කැබිනට් ඇමති ධූරයක් ලබාගන්නේ පළමු වතාවටය.වර්ෂ 2010 දී, 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ එජාපය හැර මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමටද මනුෂ මේ ආකාරයට එක්වූවෙකි.

සජබය වත්මන් ජනපති ගෝඨාබය යටතේ ඇමති ධූර වලට නොයන ස්ථාවරයක සිටින අතර ‘සර් ෆේල්‘ යන සටන් පාඨය මුලින්ම ගෙනා සහ ඒ නිසා ගෝඨාභයගේ උදහසටද ලක්වූ හරින් ප්‍රනාන්දු ඔහුගෙන් ඇමති ධූරයක් ලබාගැනීම මෙහිදී විශේෂිතය.

මේ අතර පක්ෂයේ මතයට පිටුපෑ මේ දෙන්නා සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව ලක්ෂ්මන් කිරි ඇල්ල මන්ත්‍රීවරයා දන්වා ඇත. පක්ෂය රජයේ සියලු යහපත් වැඩවලට සහය දෙන නමුත් ඇමති ධූර ලබාගෙන කොටස් කරුවන් වීමට තීරණය කරේ නැතැයිද එයට පිටුපා මොවුන් දෙන්නා ආත්මාර්ථකාමී තීරණ ගෙන ඇතැයි ඔහු පැහැදිලි කළේය.