මහින්ද සමු නොගත් නිසා අපි හැමෝම අමාරුවේ – චමල් රාජපක්ෂ

01-Police

රාජපක්ෂ පවුලේ දේශපාලනය පිළිබඳව වර්තමාන පාර්ලමේන්තුවේ සිටින
ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සංවේදී කථාවක් කළේය.

“රාජපක්ෂලාගේ දේශපාලනය ගැන කියන්න ඕන නෑ. අවුරුදු 90කට වැඩියි. 1932 විතර පටන් ගත්තේ. එහෙම නැත්නම් මෙච්චර කලක් දේශපාලනය කරන්න බෑ. අපි දේශපාලනය පටන් අරගෙන තියෙන්නේ තියෙන දේපල උගස් කරලා ඒවා මැතිවරණයට යොදවලා.

අපිට තවමත් බේර ගන්න බැරිවුණ ඒවා තියෙනවා. උගස්කරපු ඒවා බේරා ගන්න
බැරිවෙලා තියෙනවා. ඒ අවංකව දේශපාලනය කරපු නිසා තමයි ඒ දිස්ත්‍රික්කවල එදා ඉදන් අද වෙනකම් දේශපාලනය කරන්න හැකි වෙලා තියෙන්නේ.

ගරු අගමැතිතුමා (මහින්ද රාජපක්ෂ). එතුමාගේ ජනාධිපතිධුර දෙක ඉවරවුණාට පස්සේ සමුගත්තානම් හොඳයි. ඒ නැති නිසා අද සියලුම දුක් වේදනාවටල ලක්වෙනවා.
විශාල පරිත්‍යාගයක් කරලා තියෙනාවා අවුරුදු 50ක දේශපාලන ඉතිහාසයේ. අද ඒ සියල්ලම නැතිවෙලා තියෙනවා.

අපි දේශපාලනය කරනවානම් අත්හැරිමත් කරන්න ඕන. අපි මේ තනතුරුවට ලෝභ වුණොත් මෙවැනි දේවල්වලට මුහණ දෙන්න වෙනවා. නියම වෙලාවේදී දැනගත්තෝත් අපිට මේ දේ කරන්න පුළුවන් වෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරිම වාසනාවන්තයි. 2015 දී බහුතරයක් නැතිව අගමැති වුණා. අද එක්කෙනෙක්වත් නැතිව අගමැති වෙලා ඉන්නවා. ඒකත් වාසනාව. ”