බේරේ වැවට තල්ලු වුණ 47 වියැති අයෙකු රෝහලේදී මරුට

111

පසුගියදා ගාලුමුවදොර ආසන්න ප්‍රචණ්ඩක්‍රියා වල නිරතවූ අයට ප්‍රතිප්‍රහාර
එල්ලවෙද්දී හිසට හා පපුවට බරපතල පහරදීම් වලට ලක්ව පසුව බේරේ වැවට තල්ලුවී ගිය පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා රෝහල්ගතවී ඇති අතර සතියක පමණ කාලයක් බරපතල තත්වයේ පසුවී රෝහලේදී මියගොස් තිබේ. මියගිය පුද්ගලයා 47 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයෙන් පැමිණි අයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අනුව මියගිය අයට පහරදීම් නිසා ඇතිවූ බහුවිධ තුවාල මරණයට හේතුවූ බව සදහන් කර ඇත.මෙය ඝාතනයක් ලෙස සලකා සැකකරුවන් අත්අඩංගුවට ගන්නට සොයන බව පොලිසිය දන්වා ඇත.