තත්ත්වය භයානකයි: කොවිඩ් වයිරසය වේගයෙන් පැතිර යනවා

Covid spreading

කොවිඩ් වයිරසය වේගයෙන් පැතිර යන හෙයින් අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට නිවෙස්වලින් බැහැර නොයන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එසේම කොවිඩ් මර්දන එන්නත නොගත් එය ලබාගත යුතු වයස් සීමාවේ පසුවන සියලු දෙනා එන්නත වහාම ලබාගන්නැයිද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

තවද සෙනඟ ගැවසෙන මංගල අවමංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගි වීම සම්පූර්ණයෙන්ම නතර කරන්නැයි ඉල්ලා සිටින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කාමර, ශාලා ,විදුලි සෝපාන ක්‍රියාත්මකවන ආවරණ සහිත ස්ථානවල දිගු වේලාවක් රැඳී සිටීමෙන් වළකින්නැයිද දැනුම් දෙයි.

විශේෂයෙන් නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් නිවෙස්වලින් බැහැරට යෑම කොහෙත්ම නොකළ යුතු බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

මේ අතර මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ සියයට 1.5ක් මරණයට පත් වන බවත් ආසාදිතයන්ගෙන් සැලකිය යුතු පිරිසකට දැඩිසත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලැබීමට සිදු වී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.