මොන සක්කරයා ආවත් තෙල් මිල අඩු වෙන්නේ නැහැ

SJB 1

අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල යහපාලන රජයට වඩා මේ වන විට අධික ලෙස ඉහළ ගිහින් තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (13* පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී මෙසේද කියා සිටියේය.

ජනතාව අද සිටින්නේ අධික පීඩනයකින්. ඔවුන් විශාල ආර්ථික බලපෑම්වලට ලක්වෙලා ආදායම් අඩු වෙලා. රැුකියා අහිමි වෙලා. රජයේ රැුකියා කරන අය විතරයි රැුකියාව කරන්නේ. දෛනික ආදායම් ලබපු අයගේ ආදායම් විශාල ලෙස අහිමි වෙලා.

2015 යහපාලන රජය රාජ්‍ය සෙවකයින්ගේ පඩි වැඩි කළා. එය ප‍්‍රාථමික ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්වා වැඩි කළා. ඒ වගේම යහපාලන රජය කාලයේ බඩු මිලත් පහල මට්ටමේ තිබුණා. එදා පොල් ගෙඩියක් රුපියල් 60යි. අද වනවිට රුපියල් 90 දක්වා වැඩි වෙලා. ඒ ආකාරයට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල යහපාලන රජයට වඩා අධික ලෙස ඉහළ ගිහින් තියෙනවා.

එදා සීනි කිලෝවක් රු 85යි. අද 130 දක්වා වැඩි වෙලා. මේ රජය සීනිවලට කළ වැඬේ අමුතුවෙන් කිවයුතු නැහැ. සීනි බද්ද ශත 25 දක්වා අඩු කර බිලියන 15.9ක මුදලක් රටට අහිමි කළා. බදු අඩු කළාට

පාරිභෝගිකයාට සහනයක් වුනේ නැහැ. මේ රජයට ආර්ථිකය කළමනාකරණය කරන්න බැහැ .ගෑස් මිල වැඩි වීමක් පමණක් නොව ගෑස් සිලින්ඩරයේ බරත් අඩු කළ.

පෙට්‍්‍රල් අද 157 දක්වා වැඩි වෙලා. ලෝක වෙළෙඳපොළ බොර තෙල් උපරිම අඩු වූවත් මේ රජය එම සහනය ජනතාවට ලබා දුන්නේ නැහැ. ඞීසල්, භූමිතෙල් සියල්ල මිල වැඩි කරලා. යහපාලන රජය කාලෙට වඩා පොල්තෙල් මිල දෙගුණයකින් වැඩි වෙලා. එදා 320 යි අද 750යි මේවා විශාල ලෙස දැනෙන්නේ කුස්සියටයි. අද කන කෑම වේල හෙට කන්න බැහැ. පාන් මිල තිරිඟු‍ පිටි මිල ඉහළ ගිහින්. ටින් මාළු මිල වැඩි වෙලා. මේ සියල්ල සිදු වී තිබෙන්නේ ජනාධිපතිවරයා පත් වී වසර දෙකක් වනවිටයි. පඩි වැඩි වීමට වඩා බඩුමිල වැඩි වීමක් පමණයි සිදුවෙලා තියෙන්නේ.

යහපාලන රජය සෞඛ්‍ය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කළා. එදා පිළිකා රෝගියෙක් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළා. ස්ටෙන්ට් මිල 24000ක් දක්වා අඩු කළා. අද රෝගීන් විශාල පිරිසකට සැත්කම් ස`දහා ලිස්ට් එකේ ඉන්න වෙලා. බෙහෙත් මිල විශාල ලෙස වැඩි වෙලා.

පසුගිය සතියේ කොතලාවල විශ්වවිද්‍යාල පනත ගෙනාවා. එය දවසක් තුළ සම්මත කරගන්න රජය උත්සාහ කළා එම පනතට සමගි ජන බලවේගයේ අපි විරුද්ධයි. සෑම ශිෂ්‍යයෙක්ටම උසස් අධ්‍යාපනය ලබා දියයුතුය.ි එය ජනතාවගේ බදු මුදල්වලින් ලබා ගන්නේ එය ඕනම විශ්ව විද්‍යාලයකින් ලබා ගත්තට කමක් නැහැ.

ආරක්ෂක විද්‍යාලයක් තියෙන එකේ කිසිම ගැටලූ‍වක් නැහැ. හේතුව ආරක්ෂක ක්ෂේත‍්‍රයේ අයට අවශ්‍ය පුහුණු ලබා දියයුතු නිසා. නමුත් එය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවට අයත් වියයුතුයි. සිවිල් සමාජයේ අය බැෙ`දන විට සාධාරණයක් තිබිය යුතුයි. එම නිසා බ`දවා ගැනීමේ එකම පටිපාටියක් තිබිය යුතුයි.

විශ්ව විද්‍යාලයක නිදහස තිබිය යුතුයි. එය ශිෂ්‍යයාගේ ඉ`දලා ආචාර්යවරයා දක්වා. සයිටම් එකට වුණ දේ අපිට මතකයි. ප‍්‍රශ්න කරන්න නිදහස තිබිය යුතුයි. අධ්‍යාපනයේ සැපයීම හා නියාමනයක් තිබිය යුතුයි. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවට අයිති විය යුතුයි කියන්නේ.

සෞඛ්‍ය ප‍්‍රශ්න සෞඛ්‍යයට බාර දියයුතුයි එය හමුදාවට බාර දීම වැරදියි. ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක් නම් කමක් නැහැ. ඒ තුළින් රජයේ කළමනාකරණය වැරදි හොදින් බලාගන්න පුළුවන් .ලෝකයේ කිසිම රටක එකම පවුලේ 05 දෙනෙක් කැබිනට් එකේ නැහැ. එකම රට අපේ රටයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා –

විශ්වාසභංගයට මුහුණ දෙන්න සිටින උදය ගම්මන්පිල මහත්තයා ඊයේ විශේෂ ප‍්‍රකාශයක් කළා මිල සූත‍්‍රය තිබුණා නම් පෙට‍්‍රල් 157 ටත් වඩා වැඩි වෙන බව. එම ප‍්‍රකාශය සරම ඇ`දගෙනද කියන්නේ. ගිය වසරේ පෙබරවාරි බොරතෙල් බැරලයක් ඩොලර් 19ට අඩු වුණා. එහිදී මිල සූත‍්‍රය තිබුණා නම් මිල අඩු වෙන්න තිබුණා. එසේනම් රුපියල් 50කට පමණ අඩු වෙන්න තිබුණා. ගිය වසරේ තෙල් බැරලයක අගය ඩොලර් 45.5යි. ඒත් අඩුකරේ නැහැ. දැන් ඩොලර් 67ට වැඩි වුනාම තමයි වැඩි කරේ. අපි අහනවා මේ වසරේ අන්තිම වෙද්දී ලෝක වෙළෙඳපොළ තෙල් බැරලයක් ඩොලර් 100ට නගිනවා කියලා විවිධ ආරංචි තියෙනවා. හේතුව කොරෝනා නිසා වහපු රටවල් ඇරියාම ඉන්ධන පරිභෝජනය වැඩි වෙනවා. එහිදී තෙල් මිල වැඩි වීමේ සම්භාවිතාවක් තියෙනවා. එසේනම් තවත් 157ක් වැඩි කරන්න ද බලාපොරොත්තු වෙන්නේ.

බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියනම් තෙල් වැඩි වෙන්නේ නැහැ කිව්වා. නමුත් අපි දන්නවා මොන සක්කරයා ආවත් තෙල් මිල අඩු වෙන්නේ නැහැ. ඒ අයට ජනතාව ගැන කැක්කුමක් නෑ. වැඩි කරනවා මිසක් අඩු වෙන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිත් ඇමැතිකමට පත් වුණා තෙල් මිල අඩු වුණේත් නෑ උදය ගම්මන්පිල අස්වුණේත් නෑ. සාගර කාරියවසම් අස්වුණෙත් නෑ.

ආණ්ඩුව කිසිම දෙයක මිල අඩු කරන්නේ නැහැ. ආණ්ඩුවට කඬේ ගිය බයියෝ බුකියෙත් නැහැ පාරෙත් නැහැ.