මාධ්‍ය ආයතනයක් ජාතීන් අතර සමඟිය නැති කිරීමට කටයුතු කරවා නම් ….

keheliya-rambukwella-

කිසියම් මාධ්‍ය ආයතනයක් හෝ පාර්ශ්වයක් රටේ ජාතික ආරක්‍ෂාවට අභියෝග කරමින් ජාතීන් අතර සමඟිය නැති කිරීමට කටයුතු කරවා නම් ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස ව්‍යවස්ථානුකූලව නීතියේ රාමුව තුළ සිටිමින් ඔවුන්ට එරෙහිව නිසි පියවර ගැනීමට තමන් කිසිවිටෙකත් පසුබට නොවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

කිසිවකුගේත් පෞද්ලික දේපලක් වූ විකාශන සංඛ්‍යාත නොමැති අතර සියලු විකාශන සංඛ්‍යාතයන්හි සෑබෑ හිමිකරුවන් වන්නේ රටේ ජනතාව නිසා ජනතාව වෙනුවෙන් ඒ වගකීම තමන් ඉටුකරන බවද ඇමැතිවරයා කීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යය හමුවට සහභාගීවෙමින් හෙතෙම මේ බව කියා සිටියේය