රන්ජන් රාමනායක අගුණුකොලපැලැස්සට

Ranjan Ramanayake -2

අධිකරණයට අපහාස කිරීම නිසා සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙනවිත් තිබෙනවා.

ඒ මීගමුව – පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් පසුවයි.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රන්ජන් රාමනායක අද දහවල් තම බන්ධනාගාරයට රැගෙන ආ බවයි.

අධිකරණයට අපහාස කිරීම ඇතුලු චෝදනා කිහිපයකට වරදකරු වූ ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගියදා බරපතල වැඩ සහිත සිව් වසරක සිරදඩුවමක් නියම කළා.