කොරෝනා සංකීර්ණ වන තැනක

sri_laka_mask_AP
 මේ වන විට තවත් කොරෝනා රෝගියෙක් මරණයට පත්ව තිබේ. කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ වැඩිම රෝගී ගණන වාර්තා විය. කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී මෙම මරණය සිදුව තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රෝහල් පද්ධිතියේද සැලැස්ම කෙසේ කරන්නේද යන්න ප්‍රශ්නයක් බවයි. මේ නිසා මේ ගැන අදාල බලධාරීන්ගේ අවධානය යොමු කරවීම වැදගත් බව ඔවුන් පවසයි.
කොස්ගම, සාලාව රෝහලෙන් සිකුරාදා (23දා) උදෑසන පැන ගිය කොරෝනා ආසාදිත තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයකු බවට හෙළි වී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අදාළ තරුණයා සම්බන්ධයෙන් නිරෝධායන නීතිය යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඔහු වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය විය. මෙලෙස පැනගොස් හමුවූ පුද්ගලයා කොස්ගම සිට ඔරුගොඩවත්තට බස් රථයකින් විත් ඔරුගොඩවත්තේ සිට බස් රථයකින් බොරැල්ලට පැමිණ ඇති බවත් එම බස් රථ හා ගමන් කළ අය හඳුනා ගැනීමට පරීක්ෂණ අරඹා ඇති බවත් පොලිසිය සඳහන් පවසයි. ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වි ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයන් කටයුතු කර ඇත.
පෙරේදා (22) මෙම වෙළෙද සංකීරණයේ පුද්ගලයින් 39 දෙනෙකුගෙන් ලබාගත් ජෛව සාම්පල්වල ප්‍රතිඵල අනුව ඉන් 06 දෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනිමට හැකිවිය. හදුනාගත් ආසාදිතයන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පුල්මුඩේ හා ත්‍රිකුණාමල නගරය අවට, සුමේධගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.කහතුඩුව හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත වූ තලගල පදිංචි සෞඛ්‍ය සේවිකාවගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙම සේවිකාවට කොවිඩ් ආසාදනය වීමෙන් අනතුරුව ඇයගේ පවුලේ සාමාජිකයන් ඇතුළු හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය පදිංචි පවුල් 70ක් ස්වයං නිරෝධායනයට ලක් කරනු ලැබීය. ඇයගේ පවුලේ පිරිසගේ පිසීආර් පරීක්‍ෂණ සිදුකළ අතර එහි ප්‍රතිඑල ඊයේ (23දා) රාත්‍රී ලැබී තිබෙනවා. එහිදී වයස අවු 15 සහ 12 දරුවන් දෙනෙකු ඇතුළු ඇයගේ පවුලේ 5 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.
ආසාදිතයන් ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කොව්ඩි රෝහල් වෙත යොමුකිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සුදානම් කරමින් පවතින බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෙෘඛ්‍ය පරීක්ෂක මල්ලව බණ්ඩාර මහතා පවසයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව පසුගිය දිය 4 තුළ ආසාදිතයින් 471කු වාර්තා වු බවත් එය පස්ගුණයක වැඩිවීමක් බවත් කොළඹ මහානගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.
මාළු ප්‍රවාහනය කරන ලොරියක රියැදුරෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාළු බෙදාහරින ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කුරුණෑගල නගරයේ ප්‍රධාන මත්ස්‍ය අලෙවිසැල වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත. මේ හේතුවෙන් එම ව්‍යාපාරික ආයතනයේ මැල්සිරිපුර පිහිටි ප්‍රධාන ශාඛාවද වසා දමා තිබූ අතර කොරෝනා ආසාදිත රියැදුරා ගාල්ලේ සිට මාළු ප්‍රවාහනය කරමින් සිටියදී රෝගාතුරව ඇත.
එමෙන්ම කොළඹ නගරයේ පළමු පෙළ ආශ්‍රතයින් සියලුදෙනා පොරොත්තු ලේඛනයක නොතබා පරීක්ෂණ කටයුතු සිදුකිරීමට කටයුතු කර ඇත. පසුගිය මාර්තු මාසයට වඩා මේ වන විට වෛරසයේ බෝ වීමේ ප්‍රවනතාව වැඩි වී ඇති ද ඒ මහතා පවසයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව වෛරසය බෝ වීමේ ප්‍රවනතාව වැඩි වුයේ එම පරිසරය තුළ වෛරසයට වර්ධනය වීමට පහසුවන ශීත පරිසරයක් පැවතිම බවද එමෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් පෙන්නුම් කරන්නේ එහි සේවකයින් සහ වෙළෙඳුන්ගේ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත්  පැවසීය
කොරෝනා ආසාදිතයින් වාර්තා වන රෝහල් වලින් රෝගීන් සම්බන්ධයෙන් විමර්ශනයට අවශ්‍ය තොරතුරු ලබා දීම ඇතැම් රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා යාමේදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තා වේ. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ වලට අමතරව කොරෝනා රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගොස් ඔවුන් සම්බන්ධයෙන් වන සියළුම තොරතුරු ලබා ගනිමින් සුවිශේෂි මෙහෙවරක් මේවනවිට බුද්ධි අංශ නිලධාරීන් විසින් ඉටු කරමින් සිටියි. මෙම ව්‍යසනය හමුවේ තමන් ඉට කරන අතිශය වැදගත් රාජකාරිය සඳහා ඇතැම් සෞඛ්‍ය අංශ නිලධාරීන් සහාය නොදීම බරපතළ ගැටළුවක් බවත් මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් බුද්ධි අංශ නිලධාරීන් පෙන්වා දෙයි
අශන්ති වරුනසුරිය