මාකඳුරේ මදුෂ් නම්වූ බළල් අත

Madush
මධුෂ් කාලයක් පුරාවටම කතා කල ජනප්‍රිය චරිතයක්. වසර ගණනාවක් අපද මේ ගැන වාර්තා කළා. පොලිස් දැලෙන් පනිමින් අවසානයේදී හසුවන මදුෂ් සිරගත වෙනවා. පස්සේ කාලයක් ආගිය අතක් නැතුව නැවත කතා වෙනවා. ඔහොම යන මේ කතාවේ ප්‍රධාන චරිතය අද මිය යනවා. ඉතිං මේක ඉවරද ? … මගේ සටහනට නලින් වගකිවයුතු බලධාරියකුගේ සටහනක් මුලින් සටහන් කරන්න කැමතියි. මේ අපි දන්නා හදුනන ප්‍රියන්ත ජයකොඩි. නියෝජ්‍ය පොලිස්පතිගේ කතාවයි.
“සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත ඉපදිලා තියෙන්නේ කඹුරුපිටිය පොලිස් වසමේ, ගතාරේ එහෙත් ඔහු විවාහ වෙන ගයනි මුතු මාලගේ ගම මාකඳුර. විවාහ වෙලා බින්න බැස්සට පස්සේ තමයි ගතාරේ මධූෂ් “මාකඳුරේ මධූෂ්” බවට පත් වන්නේ. ශ්‍රී ලංකා පොලීසියෙ අපරාධ ඉතිහාස ලේඛනවල මදුෂ්ගෙ නම මුලින්ම සටහන් කිරීම සිදු කළේ මම එතකොට මදුෂ් තුන්වන පන්තියේ කොල්ලකරුවෙක් මීගමුව . ගාල්ල ,ගම්පහ සහ කුලියාපිටිය යන ප්‍රදේශවල සිදුකළ ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම දහයක් සම්බන්ධව ප්‍රශ්න කරන්න තමයි මුලින්ම මධූෂ්ව මම වාරියපොල දි අත්අඩංගුවට ගත්තේ 2006ජූලි මාසේ විසි පස්වෙනිදා එය තමයි ශ්‍රී ලංකාව ඇතුලත මදුෂ් අත්අඩංගුවට ගත් පළමු සහ අවසාන වතාව මේ අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 පිස්තෝලයක් සහ රිපීටර් වගේ තුවක්කුවක් අත්අඩංගුවට ගත්තා මේ වෙනකොට මධූෂ් ඔහුට වෙඩි තැබූ බව කියන ඩැනී හිත්තැටිය ගේ සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධ ව පොලිසියට අවශ්‍යව තිබුණ අපරාධකාරයෙක්.
ගමේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ගමෙන් පළා ඇවිත් “උණාකුරුවේ ශාන්ත” කියන අපරාධකාරයා සමඟ සම්බන්ධ වෙලාලීසිං සමාගම් ඇතුළු මුල්‍ය ආයතන කොල්ලකෑමේ සිද්ධින් දහයක් සම්බන්ධව ප්‍රශ්න කරන්න තමයි මධූෂ් ඇතුලු අපරාධ කල්ලිය අත්අඩංගුවට ගනු ලැබුවේ . මාස ගණනාවක් අත්අඩංගුවේ තබා ගෙන ප්‍රශ්න කරලා අවශ්‍ය විස්තර ලබාගෙන මධූෂ් අධිකරණයට ඉදිරිපත් කළා. ඔහුව ප්‍රශ්න කිරීම් කරන අවස්ථාවේදී මම දැනගෙන හිටියා ඔහු තුළ දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටිය ඝාතනය කිරීමේ අරමුණක් තියෙන බවත්,ඔහු ඩැනී හිත්තැටිය සමග දැඩි වෛරයකින් පසුවන බවත්, මම මේ සම්බන්ධව ලිඛිතව සහ වාචිකව ඩැනී හිත්තැටිය දැනුවත් කළා. එහෙම තියෙද්දී තමයි මදූෂ් සූක්ෂමව බන්ධනාගාර ගත කරල හිටපු මාරක ළිඳේ බයිසිකල් ධාවකයෙකු සහ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් නිශ්ශංක නැමැති පුද්ගලයා ඇප ලබා දී හිරෙන් නිදහස් කරගෙන මනා ලෙස සැලසුම් කරන ලද සැලැස්මකට අනුව ඔවුන් යොදවා ඩැනී හිත්තැටිය ඝාතනය සිද්ධ කරන්නේ.
වසර නවයකට පස්සේ 2011තමයි මධූෂ් බන්ධනාගාරයෙන් එළියට එන්නේ.ඔහු බන්ධනාගාර ගතව ඉන්න කාලෙදී ඔහුගේ නම ඈදෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතන ප්‍රයත්නයක් සම්බන්ධ සිද්ධියකට මේකෙ කෙළවරේ ඉන්නේ බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සාමාජිකයෙක් මේ හේතුවෙන් මාස 18 ක ට ආසන්න කාලයක් මධූෂ් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය රඳවා ගෙන ප්‍රශ්න කරනවා, ඇප අරගෙන බන්ධනාගාරයෙන් නිදහස් වෙලා මධූෂ් යන්නේ කොළඹ අලුත්කඩේට,මේ කාලෙදී තමයි ඔහු කන්ජිපානි ඉම්රාන් සහ රිප්ඛාන් කියන අලුත් කඩේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගන්නේ. එම මිත්‍රත්වය ඔස්සේ තමයි ඔහු ව්‍යාජ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරලා එක්සත් අරාබි එමිර් රාජ්‍යය නොහොත් ඩුබායි රටට යන්නේ.මදුෂ්ට ඩුබායි රටට යන්නත් ඩුබායි ගිහින් පදිංචි වෙන්නත් උදව් කළේය රිප්ඛාන් ප්‍රතිවිරුද්ධ අපරාධ කල්ලියක් විසින් රිප්ඛාන්ව ඝාතනය කිරීම මදූෂ්ට ඔරොත්තු දුන්නේ නැහැ මේ ඝාතනයට සම්බන්ධ වෙලා හිටපු “කොස් මල්ලි “කියන තැනැත්තාව අඟුණකොළපැලැස්ස දී ඝාතනය කරලා සිරුර රහසිගතව මිහිදන් කරල බෙල්ල කපාගෙන ඇවිල්ලා රිප්ඛාන්ව මරපු තැනම තියලා තමයි මධූෂ් සැනසුම් සුසුම් හෙළුවේ. ඔහුගේ අපරාධකාරීත්වය ඒ තරමටම මෙලේචිජයි .
2011 සහ 2019 අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කොටගෙන ඔහු ව්‍යාපාරික ජාලයක් ගොඩ නඟනවා ඇෆ්ගනිස්තානය ඉරානය ඔස්සේ ” රන් චන්ද්‍රවංකයේ” (GOLDEN CRESENT) සිට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට පමණක් නොව මාලදිවයින සහ බංග්ලාදේශයට යැවීම ඔහුගේ මූලික ව්‍යාපාරය වනවා.
මේ අතර තුර තමයි මදුෂ් මූලික වෙලා මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කරන්නේ මේ ප්‍රහාරය සඳහා ඔහු නවාස් නැමැති තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඔත්තුකරුවකු ලෙස යොදාගන්නවා. ඒ ඔත්තුකරු සපයන ව්‍යාජ ඔත්තුවක් ඔස්සේ පොලිස් කණ්ඩායම පිලියන්දල ප්‍රදේශයට කැඳවාගෙන පැමිණ සන්නද්ධ කණ්ඩායමක් ලවා පහර දී ඔවුන් ඝාතනය කිරීම තමයි මදුෂ්ගේ සැලැස්ම. සැලැස්ම නියමෙට වැඩ කරනවා ප්‍රහාරය ඔහු හිතුවේ ආකාරයටම සිද්ධ වෙනවා මේ ප්‍රහාරය හේතුවෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්යෙක් මිය යනවා පොලිස් පරීක්ෂක නියෝමාල් රන්ගජීව බරපතළ තුවාල ලබනවා (මේ ප්‍රහාරය හේතුවෙන් පොලිස් පරීක්ෂක රංගජීව අදටත් ආබාධිතයකු බවට පත් වී සිටිනවා ) ප්‍රහාරයට මැදි වූ සිවිල් පුරවැසියකුත් මිය යනවා . සාමාන්‍යයෙන් අපරාධකරුවන් පොලිස් සමග ගැටෙනවා අඩුයි බොහෝ විට සිදු වන්නේ යම් අපරාධකරුවකු අත්අඩංගුවට පත්වීමේ අන්තරායක් ඇති වූ විට ඔහු පලායාමට අවකාශයක් ලබා ගැනීම සඳහා සිදුකරන වෙඩි තැබීමේ සිදුවීමයි . එහෙත් සැලසුම්කර පොලිස් කණ්ඩායමක් ස්ථානයකට කැඳවා ප්‍රහාරයක් එල්ල කරන්න සමත් අපරාධකරුවන් ඉන්න ඉතා අතලොස්සක් මදුෂ් එි අතළොස්සෙන් එකෙක් .
මගේ පොලිස් ජීවිතය තුළ විමර්ශනය කරන ලද අපරාධ අතරින් සුවිශේෂ අපරාධයක් තමයි කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට පහර දීකුප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ “සමයන්” ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය. මෙය ඉතා තීක්ෂණ ලෙස සැලසුම් කර තිතට සිදු කළ අපරාධයක්. අපරාධය ට සුදුසුම දඩබිම තෝරා ගැනීම, අවශ්‍ය වෙඩික්කරුවන්,තුවක්කු සහ පතරොම් සොයාගැනීම, සුදුසුම උපක්‍රමය තෝරා ගැනීම සහ එයට සුදුසු අපරාධකරුවන් කණ්ඩායම සොයාගැනීම .අපරාධ සිදු කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබා ගැනීම මේ අතරින් සුවිශේෂයි මේ හැම අංශයක් ගැනම සලකා බැලූවත්,”එතනමඩල ප්‍රහාරය” හැම අංශයකින්ම ඉතා විශිෂ්ට ලෙස ඉදිරියෙන් සිටිනවා .මෙම ප්‍රහාරය සැලකෙන්නේ කොමාන්ඩෝ පන්නයේ ප්‍රහාරයක් හැටියටයි මේ ප්‍රහාරය සැලසුම් කර මෙහෙයවනු ලැබුවේ මධූෂ් .ප්‍රහාරයෙන් පස්සේ එයට මූලිකත්වය ලබා දුන් අපරාධකරුවන් දෙදෙනා වන අංගොඩ ලොක්කා සහ ලඩියා ආරක්ෂිතව ඉන්දියාවට රැගෙන ඒමත් මදුෂ්ගේ සැලැස්මේම අංගයක් . මීට අමතරව රුපියල් මිලියන 800 ක් වටිනා මැණික් ගලක් සොරා ගැනීමේ සිද්ධිය සැලසුම් කිරීම පිටුපස හිටියෙත් මදුෂ් එම අපරාධ ජාත්‍යන්තර මට්ටමේ අපරාධයක් හැටියටයි සැලකෙන්නේ. මදුෂ්ගේ අපරාධ චාරිකාව ගැන සලකා බැලුවහම ඔහු හැම විටම සිදු කරලා තියෙන්නෙ ඉතා සූක්ෂමව අපරාධ සැලසුම් කිරීම සහ සුදුසුම අය යොදවා එය ක්‍රියාවට නැංවීමයි . ස ඔහුගේ අපරාධ චාරිකාවේ මුල්ම අවධියේ ඩැනී හිත්තැටිය ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධිය සහ මුලින් සඳහන් කළ මංකොල්ලකෑමේ සිද්ධීන් හැර ඔහු පෞද්ගලිකවම පෙනී සිට වසිදු කරන ලද අපරාධ ඉතා විරලයි . ඔහු විසින් සිදුකරන ලද සෑම අපරාධයකම මහ මොළකරු ගේ කාර්යභාරය තමයි මධූෂ් ඉෂ්ට කළේ. ලැබී තිබෙන ආරංචි හැටියට මේ වන විට මදුෂ් ට අයත් තරු තුනේ හෝටලයක් ඩුබායි දේශීයේ තිබෙනවා ඊට අමතරව වාහන අංගනයක් තියෙන බවටත් තොරතුරු තියෙනවා ඒ කෙසේ වෙතත් බෞද්ධ දර්ශනයේ සඳහන් වෙනවා “දිට්ඨධම්ම වේදනීය කර්මය “කියලා මදුෂ් ට දැන් පල දීලා තියෙන්නේ දිට්ඨධම්මවේදනීය කර්මයයි. ගවයා පසුපස ගැල එන්නා සේ යමකු විසින් සිදුකරන ලද අපරාධද ඔහු පසුපසම එනවා
1979 උපන් මධූෂ් වසර විසිපහක නාඹර තරුණයකු ලෙස අපරාධ ලෝකයේ අභිෂෙක් ලබන්නේ 2005 වසරේදීයි. වසර පහළොවක් වැඩි කෙටි කාලයක් තුළ ඔහු අපරාධ ලෝකයේ කිරුළු පලන් රජකු බවට පත්වනවා. ජීවිත දහස් ගණනක් මත් මාරයාට බිලි දෙමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන සල්ලි වලින් ඔහු ජීවිතයේ ලැබිය හැකි සියලු සුඛවිවරණය ලබනවා අවසානයේදී ඔහුට සියලු සුබ විවරණයන් ලබාදුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේම වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතයෙන් සමු ගන්න ඔහුට සිද්ධ වෙනවා
මේ මාස කිහිපය ඇතුළත අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන් කීපදෙනෙකුටම මේ ලෝකෙන් සමු ගන්න සිද්ධ වුනේ ඔවුන් කිසිවෙකුත් නොසිතූ නොපැතූ විදිහටයි.”එස්. එෆ් ලොක්කා” සහ අංගොඩ ලොක්කා ඝාතනය වෙලා තවම මාස දෙකක් ගත වෙලා නැහැ අද මධූෂ්, අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන වඩාත් අර්ථ ගන්වමින් නීතියේ දෙවගන ඉදිරියේ අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන්ගේ සමුගැනීම අදත් හෙටත් මත්තටත් ඒ විදිහටම සිදුවේවි
………….
නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඔබේ කතාව හරි. එමෙන්ම මෙරට මත්ද්‍රවය මෙන්ම පාතාලය ශෝධනය කිරීමට මෙසේ සිදුකරන කැපකිරීමට අපගේ උත්මාචාරය නිරතුරුව. මදුෂ්ගේ මරණය ගැන ප්‍රශ්නයක්නැත . නමුත් එය සිදුවූ අයුරු හරහා වැළලෙන තෝරුමොරු ගැන අපට ප්‍රශ්ණයකි . මධුෂ් ව මරා දැමීම පිලිබදව මේ වන විට දැඩි විවේචනයට ලක්ව තිබේ. මධුෂ් අත්අඩංගුවට පත්වූ පසු කුඩු වියපාරිකයන් දේශපාලනයේ සිටින බවත් එවන් පුද්ගලයන් 80කගේ නම් හෙළි දරව් කරන බවත් ඔහු පවසා තිබිණි. මේ හරහා මතු වන බොහොමයක් මේ වන විට ජවනිකා බවට පත් වෙමින් තිබේ. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද පැවසුවේ මධුෂ් ඝාතනය නාටකයක් බවත් ඒ හරහා මදුෂ් හෙළි දරවු කල තොරතුරු සැගවී ගිය බවත්ය. මෙවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද ජන්ද පොරොන්දු අතරවූ පාතාලය මර්ධනය ගැන ජනතාව ලෙස අපද නිරතුරු බලා සිටිනවා. ඒ හෙට දරුවට සුරැකි දේශයක් ලබා දීමට. ඊයේ SF, අද මධුෂ් හෙට තවත් එකෙක් මෙසේ මිය යන්නට පුළුවන්. නමුදු ඔවුන්ද කවුරුන් විසින් හෝ මෙහෙයවන බළල් අතක්. ඔවුන් මෙහෙයවූවන් කෝ? මෙන්න මේකයි අපේ ප්‍රශ්ණය. මොවුන්ගෙන් හෙළි වන එවුන් රැකෙන්න්න ශෝධනයක් අපට අවශ්‍ය නැත. එසේ නොවන තාක් කෙසේ ශෝධනය වුවත් මදුෂ් ලා, SF ලා මහරගම කළු තුෂාරලා තවත් බිහිවනු ඇත. පුද්ගල මරණයකින් සමාජයක් මර්දනය කල හැකිද? වත්මන් ජනාධිපතිගේ එක රටක සැමට පොදු නීතියක් තුල සියල්ල පිටුපස තෝරුන් මෝරුන් කවුද යන්න හෙළි විය යුතුයි. අප බලා සිටින්නේ ඒ වෙනුවෙන්
අශන්ති වරුනසුරිය