අනුරගේ පිප්පිල්ල

8
ලංකාවට මේ කාලේ හොදටම වැස්ස. අපි එළියට බැස්සේ යා යුතුම ගමනක් තිබුණු නිසා.” නංගී මගේ අලුත් වැඩේ පටන් ගන්නවා. එන්නම ඕන.. ඔහොමයි දුරකතනයේ එහා පැත්තේ සංනිවේදකයා අපිට ආරාධනා කළේ… ඒ සති කිහිපයකට ඉහතදී …
ඒවගේම නිතරම ඒ වැඩේ මතක් කල අයෙකුත් ඉන්නවා.. ආශ් … එනවා නේද ?  මම හැමෝටම මතක් කර කරගෙන ගමන් ..  මේ චාමර උපෙක්ෂිත සහාය අධ්‍යක්‍ෂක. Boston Art in Motion අපේ වැඩසටහනට මොහු එකතු වුණා ගායකයකු ලෙස. මේක චාමරගේ තවත් පැත්තක්..
කියපු වැඩේට අපි එලෙස පිටත් වුණා වැස්සත් එක්කම. අපේ නැවතීම හෝමාගම ග්‍රීන් කොර්ට් හෝටල් පරිශ්‍රය. උදෑසන 9.45ට පමණ. ඔවුන්ගේ වැඩේ සුභ මුහුර්තය සටහන්ව තිබුණේ 10.15. එවන විටත් මුළු ශාලාවම ප්‍රවීණ සහ නවක තරු පිරිවරා බැබළුණා. මේ අපේ කතාවේ මූලාරම්භයේ සන්නිවේදකයා ලෙස සටහන් කල ටෙලි අධ්‍යක්‍ෂක අනුර දායන්ජිත්ගේ නවතම ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල. හෝටල් පරිශ්‍රයේදී මුලින්ම හම්බවෙන්නේ මිථුන් කරුණාතිලක. ඔහු මෙහි ප්‍රධාන කැමරාශිල්පියා. අනුර, චාමර, මිථුන් සියලු දෙනාම තරුණ පිරිසක්.
පොඩි සෙට් එකක් දාගෙන අනුර කරන්න යන වැඩේ මොකද්ද ? අන්න එකට උත්තරේ මෙහෙමයි..
අනුර දායන්ජිත් කියන්නේ මෙරට ටෙලි ඉතිහාසයට සටහනක් එක් කළ තරුණ අධ්‍යක්‍ෂවරයෙක්. ඔහුගේ නිර්මාණ අතර “හිමගිර නැග” මෙන්ම ජාතික රුපවාහිණිය ඔස්සේ විකාශනය වූ “ඔබ එන තුරු ” ප්‍රේක්ෂකයා වඩාත් ආදරෙන් වැළඳ ගත් ටෙලි නාට්‍යයන් බවට පත්වූයේ ජනප්‍රිය ටෙලි නාට්‍ය අතරට එක් වෙමින්. 1994 වර්ෂයේ සිට ක්‍රියාකාරීව කලා ශේෂ්ත්‍රයේ නියැලෙන අනුර දයාන්ජිත්ගෙන් මෙරට ටෙළියට එකතු වූ නිර්මාණ අතර හිල්ව්කාරි, ජිවිතයම ක්‍රිකට් වගේ, කළුවර හීන, බිතුසිතුවම් යන නිර්මාණ ප්‍රේක්ෂකයාට උපරිම රසාස්වාදයක් එක් කළේ ආදරය විරහව ත්‍රාසය මෙන්ම භිතියද ඇති කරවමින්. මේ වන විට ඔහු තවත් අපූරු නිර්මාණයකට සුදානම්. එයට “බොරදියමල්” ලෙස නම් තබා තිබෙනවා. මෙම නවතම ටෙලි නිර්මාණය විශේෂ හැඩතලයන්ගෙන් සමන්විතයි. එක දිගට යන රැල්ලට යන්නෙක් නොවූ දයාන්ජිත් නිරන්තරයෙන් ප්‍රතිපත්ති මත යැපෙමින් සිය නිර්මාණ මෙරට කලාවට එකතු කරන්න උත්සහ ගත්තා. බොරදියමල්හි විශේෂත්වය වන්නේ නවකයන් රැසකට පූදින්නට අවස්ථාව ලබා දී තිබීම. කලාව වෙනුවෙන් තම උපරිමය ඉටු කිරීමේ වගකීම පෙරදැඩිව එකී යුතුකමට වගවූ නිර්මාණවේදියකු වන අනුර ඔහුගේ නිර්මාණ හරහා කලාවට දායාද කල නවකන් තවත් බොහොමයක් ඉන්නවා. ඔවුන් අද සුපිරි තරු. බොරදියමල් හි විශේෂත්වය වන්නේ මෙවර ඔහු නවකයන් 13කට රංගන අවස්ථා ලබා දී තිබීමය.
“අපි එදා ශේෂ්ත්‍රයට ආවේ හරි අමාරුවෙන්. නවකයින්ට අපි අත දෙන්නම ඕන. ඒවගේම හෙට අපේ කලාව මීට වඩා දියුණු වෙන්න වෙනස් වෙන්න ඕන. අද නවකයින් එනවා නමුත් බොහෝ පිරිස එනවට වඩා වේගයෙන් යනවා. එහෙම නොවෙන්න නම් දක්ෂ නවකයින්ගෙන් කලාව පෝෂණය වීම අතවශ්‍ය වෙයක්. ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා නමුත් අවස්ථාවන් නැහැ. ඉතිං බොරදියමල් හි ප්‍රධාන චරිත වලට දක්ෂ වගේම අවස්ථාවක් නොලැබූ දක්ෂයින්ට තැනක් ලබා දෙන්න මම තීරණය කළා. සියලු දෙනාම නාට්‍ය හා රංග කලාව හැදෑරු සහ හදාරණ පිරිසක්. රඟපාන්න පුළුවන් අලුත්ම පිරිසක් තෝරා ගෙන තමයි මේ ගමන යන්නේ”. ඔහු කියන්නේ එහෙම.
නාඩන් දාස්පෙතියා කෘතිය ඇසුරින් නිර්මාණය වුණු “මන්දිරා” සහ පෝදා ඒකාංගික ටෙළි වෘතාන්තය “තිපරිවට්ඨි” නොබෝදිනකින් විකාශනය වීමට නියමිතව තිබුණත් මේවා තවමත් නාලිකාවල ටෙළි පෝලිමේ. නොවිසිදෙන කරුණු කාරණා හමුවේ තවමත් මෙරට කලාව තිබෙන්නේ අඩමානයක. මෙරට කලාකරුවන් බොහොමයක් මෙන් අධ්‍යක්‍ෂක අනුර ද පවසන්නේ ඉදිරියේදී අපේ රටේ කලාවේ රිදී සීනු නැංවෙන බවක්.
වසර 5ක පමණ කාලයක් නිහඬව සිටි අනුර දායන්ජිත් සිය නිර්මාණ ගැන තව දුරටත් පවසුවේ මෙහෙම. “ගෙවුණු අවුරුදු 5ක කාලයක හරිම අමාරු කාලයක්. නිහඬව ඉන්න සිද්ධ වුණා. රටේ තිබ්බ තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කලා ශේෂ්ත්‍රයේ පසුබෑම එක්ක පසුගිය වසර කිහිපයම තුල කලාව අවපහැගැන්විලා තිබ්බේ. මේ සිස්ටම් එක වෙනස් වෙයි කියලා දැන් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඉතිං බලාගෙන ඉන්නවා. කොහොමවුණත් අපි මෙතෙක් භාර ගත් වැඩ හරියටම කලා. මේකත් එහෙම කරනවා”. කුඩා කල සිටම කලාවට පෙම් බැදි චරියක් වූ ඔහු පාසල් සමයේ සිට නාට්‍ය නිර්මාණය කරමින් ආ ගමනක් ඇත.
බොරදියමල් නවතම ටෙළි නිර්මාණයේ සමාරම්භක කටයුතු ඒ අනුව එලෙස ආරම්භ වූයේ ෆ්‍රෙන්ඩ්ස් ක්‍රියේෂන්ස් නිෂ්පාදනයක් ලෙසින්. විජිත් නුවන්ගේ පිටපත් රචනයෙන් ද මිථුන් කරුණාතිලකගේ කැමරා කෝණයන්ගෙන් ද සුමිත් දැරණියගලගේ කලා අධ්‍යක්‍ෂණයෙන් ද හිමාල් කරුණාතිලකගේ සංස්කරණයෙන් ද  චාමර උපෙක්ෂිතගේ සහාය අධ්‍යක්‍ෂනයෙන් සහ නිෂ්පාදන කළමනාකරනයෙන් ද බොරදියමල් පුදින්නට අර අදිමින් සිටිනවා. බොරදියමල්හි පිපුණු මාලි මෙන්ම පොහොට්ටු තව තවත් හැඩ කරන්නේ නව යොවුන් වේශ නිරුපණ ශිල්පී සංක රණසිංහයි.
 ක්ලීටස් මෙන්ඩිස්, ජනක් ප්‍රේමලාල්, රමනී සිරිවර්දන, ජනක රනසිංහ, අනිල් ජයසිංහ, හස්නිකා කරලියැද්ද, පවිත්‍රා වික්‍රමසිංහ, උදේනි නදීකා, අමන්දා ජයරත්න, දේව් සුරේන් , රොහාන් රනතුංග, බනුර මලිත්, අශන්ති වරුනසුරිය, විරාජ් දනුක, පූජානි භාග්‍යා, අභිශේක් ප්‍රමුදිත, මෙන්ම තවත් ප්‍රවීණ සහ නවක කලාකරුවන් රැසක් බොරදියමල් සමඟ එකතු වෙලා. බොරදියමල් හි රුගතකිරීම් නුදුරේදී අවසන් වීමට නියමිතයි. ඉතිං මෙම නැවුම් ටෙලිය ඉතාමත් ඉක්මනින් ඔබ වෙත ගෙන ඒමට ෆ්‍රෙන්ඩ් ක්‍රියේෂන් බලාපොරොත්තු වෙනවා.
කලාව දේශපාලන ඇසුරු කර ගනිමින් යථාර්ථවාදය නම්වූ කාලීන තේමාව මුල් කර ගනිමින් සමාජයට පණිවිඩ රාශියක් ලබා දීමට බලාපොරොත්තු වන බොරදියමල් හි අධ්‍යක්‍ෂක අනුර ඇතුළු ෆ්‍රෙන්ඩ්ස් ක්‍රියේෂන් කණ්ඩායමට අපේ සුභ පැතුම්.
අශන්ති වරුණසුරිය.

31 25 6 79 10 11 12 13 14