රවිනාථ අමෙරිකාවට. හිස් වූ තානාපති තනතුරු

Ravinatha
අමෙරිකා එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකාවෙන් නව තානාපති ලෙස හිටපු විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පත් කර ඇත.
මෙයට පෙර ඔහු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කිරීමට තීන්දු කර තිබුණද පසුව ආරියසිංහ මහතා අමෙරිකා එක්සත් ජනපදයට පත්කරනු ලැබ සිටී. ඒ සමඟ මෙතෙක් අමෙරිකානු තානාපතිධූරය දැරූ රොඩ්නි පෙරේරා මහතා ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.
කලක පටන් පුරප්පාඩුව පවත්නා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිධූරයට මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පත් කර ඇත. කොළඹ විශ්ව විදයාලයේ හිටපු උපකුලපතිනියක් වූ ඇය පසුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ධූරයද දැරීය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට මිලින්ද මොරගොඩ මහතා දැනටමත් නම්කර තිබේ.
මේ හැර ඉතාලිය, දකුණු කොරියාව, සීෂෙල්ස්, ඉරානය හා ඔස්ට්‍රේලියාව යන රටවල තානාපති තනතුරු ද පුරප්පාඩුව පවතී. ඉතාලිය, දකුණු කොරියාව, සීෂෙල්ස්, ඉරානය හා ඔස්ට්‍රේලියාව යන රටවල තානාපති තනතුරු ද පුරප්පාඩුව පවතී. ඒ සඳහා ළඟදීම සුදුස්සන් පත් කෙරෙනු ඇත.