SLFP සහ SLPP නායකත්වය MRට

PM
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක් පක්‍ෂයක් වී එහි නායකත්වය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටද සුදුසු තනතුරක් ඉදිරියේදී ලබා දෙනු ඇති බවයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ වර්තමාන කාර්ය භාරය පිළිබදව ද අදහස් දක්වමින් “හිටපු ජනාධිපතිනිය දැන් අවලංගු කාසියක්…දේශපාලනයේ. එතුමිය සිය සතුරන්ගේ ඔත්තුකාරියක්. ඒ නිසා එතුමියගේ වචනයට දැන් අපි ගාව ඉඩක් නෑ. එතුමියගෙන් ලබා ගන්න පුළුවන් කෙහෙල්මල් සහයක් අපිට නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන අපිම බලා ගන්නම්.” යනුවෙන් ඔහු පැවසීය.
බොහෝ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටළුවකටද ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් විසදුම් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය
අශන්ති වරුනසුරිය