නව කැබින්නටුව මෙහෙමයි

Sri Lanka's former president Mahinda Rajapaksa (L) gestures after taking oath as country's Prime Minister towards his brother, President Gotabaya Rajapaksa (R) during a ceremony in Colombo on November 21, 2019. - Newly elected Sri Lankan President Gotabaya Rajapaksa on November 20 named his brother Mahinda as Prime Minister, cementing the grip on power of a clan credited with brutally crushing the Tamil Tigers a decade ago. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP) (Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)
මහින්ද රාජපක්ෂ මහතා එළැඹෙන හෙට (09) උදෑසන අග්‍රාමාත්‍යධුරයේ යළි දිවුරුම්දීමට නියමිතය. ලැබූ විශිෂ්ඨ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඊයේ (07) නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම රට තුළ තහවුරු කළ හැකි යැයි මහ මැතිවරණය ජයගැනීමෙන් සනාථ වන බවය.
2020 මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවුඩයක් නිකුත් කර තිබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද අති විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලුදෙනාට තමාගේ සහ පක්ෂයේ ප්‍රණාමය පුද කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. කොවිඩ් වසංගතය හමුවේ ලෝකයම අකර්මණ්‍ය වී ඇති කාලයක පැවැත්වූ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කිරීමට ජනතාව ඉදිරිපත් වීම පිළිබඳව රටක් වශයෙන් සතුටට පත්විය යුතු බව එහි සඳහන් විය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවැනි අමාත්‍ය මණ්ඩලය ලබන 14දා බ්‍රහස්පතින්දාට යෙදෙන සුබ මොහොතින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතය. ඒ අනුව කැබිනට්ටුව 26 ක් වන අතර කැබිනට් නොවන ඇමැති ගණන 40කි.
බොහෝ දෙනෙකු අපේක්ෂා කරන්නේ ලබන 11 දා දළදා මාලිගාෙව්දී දිවුරුම් දෙනු ඇතැයි කියන නව අමාත්‍ය මණ්ඩලය කවුරුන්ද කියායි. අමාත්‍ය මණ්ඩලයට අලුතෙන් එක්වන සාමාජිකයන් ගණනාවකි. මහාචාර්ය පී.එල්. පීරිස්, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, උදය ගම්මන්පිල හා නාමල් රාජපක්ෂ මහත්වරු කැබිනට්ටුවට අලුතෙන් එක්වන සාමාජිකයන් ලෙස දැනට වාර්තා වෙයි.
නිදහස් ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තුව තෝරාගැනීම සඳහා පැවති මහ මැතිවරණය හමාරය. එම මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඊළඟට කළයුතුව ඇත්තේ නව රජය ස්ථාපිත කිරීමයි. එහිදී ප්‍රථමයෙන්ම කැබිනට් මණ්ඩලය ස්ථාපිත කළ යුතුය.
කැබිනට්ටුව 26 කි. කැබිනට් නොවන ඇමැති ගණන 40කි . අප ලද තොරතුරු බොහොමයක් ඇති නමුත් එයින් වාර්තා කල හැක්කේ සීමිත ප්‍රමාණයකි. ඒ අනුව මහින්ද යාපා අබේවර්ධන මහතාට කතානායක පදවිය ද නියෝජ්‍ය කතානායක පදවියට මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිත බව සදහන් වේ.
පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන උගත් විද්වත් පිරිසකට මෙවර මන්ත්‍රී පදවි පිරිනැමීමට තීන්දුකර ඇත. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ගෙවිඳු කුමාරණතුංග, අලි සබ්‍රි, අජිත් නිවාඩ් කබ්රාල්, නීතිඥ සාගර කාරියවසම්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ නියත වශයෙන්ම මන්ත්‍රී ධුරවලට පත්කෙරෙනු ඇතැයි කියැවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂවලටද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කිහිපයක් වෙන්කර තිබේ. මේ සියල්ල ගැටගසාගෙන වත්මන් ව්‍යවස්ථාව අනුව වසර 2025 අගෝස්තු මාසය දක්වා ආණ්ඩුව පවත්වාගෙන යන්නට නීතිමය වරමක් ඇත. එහෙත් පවත්නා ජාතික ජාත්‍යන්තර අර්බුද මෙන්ර ණය බර මේ ආදී සියල්ල හමුවේ ආණ්ඩුවට නොසෑහෙන අභියෝග ගණනාවකට මුහුණ දීමට ඇත.
By: අශන්ති වරුනසුරිය