අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වෙනිදා කැඳවේ

parliament jpg

හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවන බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.