මට රටට සේවය කරන්න ඕනෑම තනතුරක් හුරුයි

Maithripala-Sirisena-SLFP-May-Day-Rally-2018
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අදහස්
පාස්කු ප්‍රහාරය හමුවේ ඔබ කෙරෙහි ඇති විශ්වාසය මිනිසුන්ට නැති වුණා නේද ?
ත්‍රස්තවාදීන් අපේ රටේ විතරද බෝම්බ පිපිරුවේ? අපි මෙතන ලෝක ත්‍රස්වාදය තේරුම් ගත යුතුයි. ලෝකයේ රජයවල් දැනගෙනද ත්‍රස්වාදීන් බෝම්බ පිපිරුවේ? 2017දී ජාතික ආරක්ෂක මණ්ඩලයට සහාරන් ගැන වාර්තා වෙලා තිබුනේ අන්තවාදියෙක් විදියහට මිස ත්‍රස්තවාදියෙක් ලෙස නෙමෙයි. එදා මමත් බොහෝ උත්සව වලට සහභාගී වුණා. මෙය මට ආරංචි වෙලා තිබ්බා නම් මම එහෙම යනවද ? මට මේ ගැන තොරතුරු ආවේ නැහැ.
ඉන්දීය බුද්ධි අංශ මෙය දැනුම් දී තිබුණා. ආරක්ෂක ලේකම් මෙය ඔබට කියන්න සති දෙකක් බලන් හිටියලු.
ඒක මාර කතාවක්නෙ. ඔහු විවිධ අංශ වල තනතුරු හෙබවූ නිලධාරියෙක්. ඔය විදියට කියන ඒවා හරිද. මෙහෙමයි මේ වෙනකොට විභාග වන මෙම කරුණු සම්බන්දයෙන් මමත් වග උත්තරකරුවෙක්. ඒ නිසා වැඩිදුර කරුණු කතා කරන්න මම කැමති නැහැ.
එදා අගමැතිකමින් රනිල්ව ඉවත් කලේ ඇයි ?
රනිල් එක්ක කොහෙත්ම වැඩ කරන්න බැහැ. කාලයක් බැලුවා කරන්නම බැහැ පස්සේ මම කරූ සහ සජිත්ට කිවුවා අගමැතිකම බාර ගන්න කියලා ඔවුන් ඒක කලේ නැහැ. වංචා දුෂණ වෙනවා ඉතින් රට බේර ගන්න මම මහින්දට අගමැති කමට එකතු කළා. ඒ වෙලේ රට බේර ගන්න සුදුසුම කෙනා හෙව්වා එකයි මම කළේ.
මෙතෙක් ක්‍රියාත්මක වී විශාලතම වියාපෘතිය පොළොන්නරුවට. එය සැබවින්ම අද දැකගත හැකියෝ විශාල ලෙස දියුණු වෙලා. ඇයි ඒ ?
පිබිදෙමු පොලොන්නරුව යටතේ විශාල ලෙස දිස්ත්‍රික්කය දියුණු වුණා. ඒවගේම තව දේවල් එනවා ඉදිරියට. එතැනදී රෝහාල, කෞතුකාගාරය, මොනරාගල ජලාශ යන වියපෘතින් විශේෂයි.
ඔව් ඒක තමයි. රටේ ජනාධිපති රට ගැන සමව හිතන්න ඕන. ඇයි තදින්ම පොලොන්නරුව විතරක් සැලකුවේ ?
එක මගේ දිස්ත්‍රික්කය. මෙහෙමයි ඕක අහන්න ඕන අනෙක් දිස්ත්‍රික්ක වල අයගෙන් ඇයි ඔවුන් එහෙම නොකරන්නේ කියලා
පරාජිතයන්ව ජාතික ලැයිස්තුවෙන් ගේනවා කියලත් කියනවා 
සිදුවූ අසාධාරණයක් නිසා සිද්ධ වූ දෙයක්. මෙහෙමයි මැතිවරණයක් සමයේ කතා කරන්න හොද දෙයක් නෙමෙයි.
ඔබ ජනාධිපති  කෙනෙක්ව සිට මන්ත්‍රී කෙනෙක් හෝ අමාත්‍යවරයකු ලෙස වැඩ  හැකිද ?
මා පක්ෂයක  නායකයෙක්. ඉතින් මට මගේ පුද්ගලික තීරණ එක්ක වැඩ කරන්න බැහැ. වුණත් මට නිර්මාණශීලිව තනතුර අනුව වැඩ කරන්න පුළුවන් එහෙම වැඩ කරලා තියෙනවා. අනික මම ඉන්නේ රටේ ජනතාවට සේවය කරන්න එතැනදී තනතුර ඉල්ක්ක කර ගන්නේ නැහැ.
පොදුජන පෙරමුණත් එක්ක ප්‍රශ්ණයක් නැත්ද ?
කිසි දෙයක් නැහැ. සමගියෙන් මැතිවරණයට මුහුණ දෙනවා.
ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකකට එකට වැඩ කරන්න පුළුවන් ද ?
මේක තමයි රටේ අවාසනාව. මොකද දේශපාලකයා ගැන හිතාගෙන ඉන්නේ මිනිස්සු , වංචා දුෂණ පුද්ගලයෙක් විදියට. මේක දේශපාලන සස්කෘතියේ ප්‍රශ්නයක් එක්ක හැදුණු එකක්. ඒ නැතුව එහෙම ප්‍රශ්නයක් නැහැ. සමගියෙන් යන ගමනකදී තමයි රටක් හදන්න පුළුවන්.
අශන්ති වරුණසුරිය