එජාපයෙන් ඉවත් කළ 115කගේ නම් ලැයිස්තුව

UNP
සමඟි ජන බලවේගයෙන් මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54කගේ සහ පළාත් පාලන මන්ත්‍රීවරු 61 කගේ එජප පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව ඊයේ එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණු අතර   එලෙස එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 115 දෙනෙගේ නම් අනාවරණය වී තිබේ.
ඒ අනුව සුජීව සේනසිංහ,ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,රන්ජන් රාමනායක,අශෝක් අබේසිංහ,වඩිවේල් සුරේෂ්,අජිත් පී පෙරේරා,සිඩ්නි ජයරත්න,තුෂාර ඉඳුනිල්,නලින් බණ්ඩාර,ජෝර්ජ් පෙරේරා,නිරෝෂන් පාදුක්ක,රෝස් පෙරේරා යන හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නම් එජාපය විසින් අනාවරණය කර ඇත.
කෙසේවෙතත් එම 115 ලැයිස්තුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම නොමැති බව සඳහන් වේ. මෙම 115 දෙනාට අමතරව ඉදිරියේදී තවත් පිරිසකගේ එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවද කාරියවසම් මහතා පවසා තිබුණි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ මැතිවරණයට දින කිහිපයක් තිබියදී මෙම තහනම  පනවන නමුත් එය සිදුකළ යුත්තේ නිසි විභාගයක් පවත්වා බවය.
අශන්ති වරුණසුරිය