හිටපු ජනපති චන්ද්‍රිකා ඇගේ වාහන 04ක් යළි භාර දෙයි

Chandrika-
හිටපු ජනාධිපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ භාවිතයට ලබාදී තිබූ වාහන 12ක් අතුරෙන් 04 ක් නැවත ජනාධිපති කාර්‍යාලය වෙත භාරදී තිබෙනවා.
මේ සම්බන්ධව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ලිඛිතව දැනුවත් කර ඇත.
ඇය එහිදී ජනාධිපති ලේකම් අචාර්ය පී.බී. ජයසුන්දරට දන්වා ඇත්තේ වන විට රටේ උද්ගතවී ඇති මූල්‍ය අර්බුදය විසදීමට යම් මට්ටමකින් හෝ සහයක් ලබා දීමක් ලෙස මෙම තීරණයට එලඹි බවයි.
වාර්තා වන ආකාරයට මර්සිඩීස් බෙන්ස් රථයක්, නිසාන් පෙට්‍රල්  ජිප් රථයක්, ටොයෝටා ලෑන්ඩ් කුශර් ජිප් රථයක් සහ මහේන්ද්‍ර ඩබල් කැබ් රථයක් මෙලෙස හිටපු ජනාධිපතිනිය විසින් ආපසු ලබා දුන් වාහන අතර තිබේ.