ආර්ථිකය හැසිරුවිය හැක්කේ එජාපයට පමණයි

Ranil-Wickramasinghe
මෙරට ආර්ථිකයේ මුදල් පරිහරණය නැවතත් ආරම්භ කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂ රජයකට පමණක් බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා
රටට ඩොලර් මිලියන 7,000ක විදේශ විනිමය අහිමිව ගොස් ඇති බවත් එය යළි ලබා ගත නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළා
“අපිට පිටින් ආධාර උපකාර ගන්නට තියෙනවා. මේ ආණ්ඩුවට ඒක කරන්නට බැරිවෙලා තියෙනවා. පාකිස්තානය ඇතුළු රටවල් කිහිපයක් මේ ආධාර උපකාරය ගත් බව. අනෙක් රටවල් ගත්ත මේ ආධාරය ලංකාවට ලැබුණේ නැහැ. අපි තවත් දුක් විදිනවා. කවුරුත් අපිව සහතික කරන්නේ නැහැ.  එහෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ගැන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැති බව“ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ පවතින ආර්ථිකය ගැන අදහස් දක්වමින්