අකිල, සජිත් සංස්කෘතික අරමුදලෙන් රු.මි.11,000ක් අවභාවිත කරලා. එජාප වංචා රැසක් එළියට

Akila Sajith
BY: අශන්ති වරුණසුරිය
2016 සිට 2019 දක්වා ඇමතිවරුන් දෙදෙනකු යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රු. මිලියන 11,059ක් අවභාවිතා කොට ඇති බවට හෙළි වී තියෙනවා . ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුව විසින් එසේ හෙළි කර ඇති අතර මේ වන විට එම වාර්තාව අගමැතිවරයාට බාර දී අවසන්
ඊට  අමතරව මීට පෙර තනතුරු නොමැතිව දේශපාලන උවමනාව මත රැකියාවලට බඳවාගන්නා ලද එක්සත්ජාතික පාක්ෂිකයන්ගේ වැටුප් ගෙවීම සඳහා පමණක් වසරකට රු. මිලියන 7,000ක් වැය වන බව වාර්තාවේ සදහන්
අවභාවිත කර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,059 ක්. එමෙන්ම වාර්තාවේ මෙසේද සදහන්  වෙනවා
– නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොළිය ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2608 ක්
– නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක්
– සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය ලෙස රුපියල් මිලියන 48 ක්
– පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 2266 ක්
– අපේ ගම ව්‍යාපෘතියේ දේපල පැවරීමේදී සිදු වූ අලාභය රුපියල් මිලියන 8ක්
– විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදුන් රුපියල් මිලියන 2316 ක්
– බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060 ක්
සිදු වී ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශවයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කර තිබෙනවා .