පී.එච්.අයි නිලධාරීන් කොරෝනා රාජකාරී වලින් ඉවත් වුනේ ඇයි ? කරුණු පහදයි

PHI
දිවයිනේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (17) දහවල් 12 සිට කොරෝනා පාලනයට අදාළ සියලුම රාජකාරීවලින් ඉවත් වී තිබෙනවා.
කොරෝනා පාලනය සඳහා නෛතික පහසුකම් නොමැතිවීම සහ 1897 අංක 03 දරණ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනත යටතේ මහජන සෞඛ්‍යවරුන්ට බලය ලබා නොදීම,අත්තනෝමතික ලෙස දේශපාලන රැස්වීම් පැවැත්වීම,මැතිවරණයට අදාළ ගැසට්ටුව නිකුත් නොකිරීම සහ සෞඛ්‍ය ඇමතිනිය කරන ලද ප්‍රකාශයක් සම්බන්දයෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබාදුන්නහොත් මහජනතාවට පීඩාවක් ඇති වන බවට සෞඛ්‍ය ඇමතිනිය ප්‍රකාශයක් කරනු ලැබුවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ⁣ලේකම් එම් බාලසූරිය සඳහන් කරන්නේ කොරෝනා පාලනයේදී බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වීමේදී නෛතික පහසුකමක් නොමැති වීම විශාල ගැටළුවක් බවත් මේ වන විට ලංකාව පුරා මෙම රෝගය පැතිරෙන තත්ත්වයක් ඇති බවයි.
තත්ත්වය එසේ තිබියදී සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි ද අත්⁣තනෝමතික ලෙස මැතිවරණ රැස්වීම් පවත්වමින් ඇතැයි ද ඒ මහතා සඳහන් කරනවා.