කොරෝනාවෙන් මියගිය විදෙස් ගත ලාංකිකයින්

Expats
රැකියා සඳහා විදේශගත වූවන් 40 දෙනෙකු ලොව විවිධ රටවල දී කෝවිඞ්-19 වෛරසය වැළඳී මියගොස් ඇතැයි වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ ප්‍රකාශ කර සිටියා. මේ වනවිට 1800 කට අධික පිරිසකට එම වෛරසය වැළඳි ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
කුවේට් හිදී 7 දෙනෙකු, සෞදි අරාබියේ දී 15 දෙනෙකු, ඩුබායි හිදී 9 දෙනෙකු, ඕමානයේ දී හා කටාර් හි දී දෙදෙනා බැගින් හා ලෙබනනයේ දී එක් අයෙකු වශයෙන් ශ්‍රී ලාංකික විදේශ ගත ශ්‍රමිකයින් මිය ගොස් ඇති බවත් ඊට කාන්තාවන් දෙදෙනෙකු අයත් වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා කියා සිටියේ.
මිය ගිය කිසිවෙකුගේ මෘත ශරීර මෙරටට ගෙන්වා නොගත් අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරෝධායන නීතීන්ට අනුව ඒ ඒ රටවල දී සිදුකළ බව ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය අතර සහන රක්ෂණය පිළිබඳ ගිවිසුම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවේදී මාධ්‍යයට කරුණු දක්වමිනි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා මේ බව කියා සිටියා.