නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපවේ.

Hejaaz-Hizbullah

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ චෝදනා ඇති බව සඳහන් කරමින් රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි

ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පසුගිය 17වනදා අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැනට රඳවාගෙන ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව ඊට අදාළ නඩුව ඊයේ (ජුලි 01)  කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බැවින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවයි.