“ද නිව්ස් පේපර්” බලන්න ජනපති සහ අගමැති එක් වෙයි

Film newspaper
“ද නිව්ස් පේපර්”චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  එක් වි තිබෙනවා.
කොළඹ One Galleface- PVR සිනමාශාලාවේදී චිත්‍රපටය ඊයේ (28)පස්වරුවේ ප්‍රදර්ශනය කෙරුණා.
සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණයක් වූ “ද නිව්ස් පේපර්” චිත්‍රපටයෙහි සම නිෂ්පාදනය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරිගෙනි.
ජුලි 02 වනදා සිට දිවයිනේ සියලුම සිනමා ශාලාවල“ද නිව්ස් පේපර්” චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර එදින උදේ 10.30 ප්‍රථම දර්ශනය නොමිලේ නැරඹීමට  ජනතාවට අවස්ථාව සලසා තිබේ.
තවද කොවිඩ් මර්දනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ මාධ්‍යවේදීන්ට ද තම නිල හැඳුනුම්පත භාවිත කරමින් එක් වතාවක් සිනමා පටය නොමිලේ නැරඹීය  හැකිය.