එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් රැස්වීම්

Ranil-Wickramasinghe

එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් ප්‍රචාරක වැඩපිළිවෙළ අද (28) සිට ආරම්භ කිරීමට නියමිතය.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉලක්ක කරගත්  ඩිජිටල් රැස්වීම් මාලාවේ සමාරම්භය අද පස්වරු 04.00 ට ‘සිරිකොත’ එජාප පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරේ.

සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රචාරක වැඩපිළිවෙළ සංවිධාන කෙරෙන අතර පක්ෂ නායක හිටපු අගමැති  රනිල් වික්‍රමසිංහ එම ඩිජිටල් වේදිකාව හරහා ප්‍රචාරක රැස්වීම් 100 ක් එකවර ඇමතීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ පැවසිය.

ඊට සමගාමිව දිවයිනේ ආසන සියල්ලක්ම අවරණය වන පරදි රැස්වීම 160 පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රධාන රැස්විම ඩිජිටල් හා සමාජ ජාල මධ්‍ය ඔස්සේ අනිකුත් රැස්විම් 160 සම්බන්ද වනු ඇත.

මේ රට දේශපාලන පක්ෂයක් විසින් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පවත්වන පලමු ජනරැලී මාලව ද මෙය බවත්,එක්සත් ජාතික පක්ෂ නිල වේබ් අඩ්විය හා ෆෙස්බුක් පිටුව හරහා සියලුම දෙනාට මෙම රැස්වීම නැරඹීමට හැකි බවත් එජාප සන්නිවේදන අංශයේ ශානුක කරුණාරත්න පැවසිය.