මැතිවරණ කොමිසම හෙට රැස්වේ

1
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන දිනය සහ මැතිවරණ අංක නිකුත් කිරිම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයන් නිකුත් කිරිමේ දිනයන් තීරණය කිරිම සම්බන්ධයෙන් හෙට දිනයේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වන බවට කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.
මැතිවරණය පැවැත්වීමේ දිනය වැඩි ඈතකට නොගෙන සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් පරිදි සිදුකිරිමට හැකි ආසන්නතම දිනයක මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කළා.