“මම International model කෙනෙක් වෙන්න ආසයි “- හිරුණි ලියනගේ

4
– හිරුණි ලියනගේ කියන්නේ කවුද?
මම නිරූපණ ශිල්පිනියක් ..රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්..
– ඔබ කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ ?
මම වයස අවුරුදු 14 දි තමයි මුලින්ම Field එකට සම්බන්ධ වෙන්නේ ..ඒ වන විට මම Max Tv “දේදුණු යහළුවෝ” සමග සම්බන්ධ වී වැඩ කළා.. ඒ අතරේ NDB advertisement  එකක් සමග සම්බන්ධ වුණා..
ඉන් පසුව වසර හයක් පමණ අධ්‍යාපනික කටයුතු නිසා මම ක්ෂේත්‍රයෙන් ඈත් වී සිට නැවතත් සම්බන්ධ වෙන්නෙ..
– ඔබේ පාසල සහ අධ්‍යාපනික කටයුතු ගැනත් සඳහන් කරමු ද?
මම හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා ..ඉන්පසුව මානව සම්පත් කළමනාකරණ උපාධිය හැදෑරුවා.. නිවේදන කටයුතු සම්බන්ධයෙනුත් හැදෑරීමක් කළා..
– ඔබේ පෞද්ගලික විස්තර මොනවද?
මගේ ගම් පළාත කළුතර ප්‍රදේශය.. පවුලේ අම්මා, තාත්තා සහ මට නංගිලා දෙන්නා දෙන්නෙක් සිටිනවා..
– ක්ෂේත්‍රයේ ඔබට මුහුණපාන්නට සිදුවූ අභියෝග මොනවද?
අද වන විට බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා සිටිනවා.. ලොකු තරගයක් තිබෙනවා.. ගොඩක් අය Field එකට එන්නේ හැදෑරීමක් නැතුව. photo-shoot model කෙනෙක් විදිහට..එය Field එකට ඒ තරම් හොඳ දෙයක් විදිහට මා දකින්නෙ නෑ..
2
– ඉදිරියේදී ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නට කැමැත්තෙන් සිටින කෙනෙකුට කුමක්ද ඒ සඳහා ඇති ක්‍රමවේදය?
යම්කිසි හැදෑරීමක් සහිතව ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන එක හොඳයි.. ඒ සඳහා මේ වන විට modeling academy බොහොමයක් තිබෙනවා.. ඕනම කෙනෙකුට පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන්.
– ලංකාවේ එවැනි modeling academy ගැන විශ්වාසයක් තබන්න පුලුවන්ද?
බොහෝමයක් pageants වල crowns මුදලට දෙන අවස්ථා තිබෙනවා ..නමුත් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් හොඳ තැනුත් තිබෙනවා.
3
– ඔබේ රංගන කටයුතු පිළිබඳව මතක් කළොත්..?
මේ වන විට චිත්‍රපට තුනකට දායක වෙලා තිබෙනවා. ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා.. ලබන වසරේ ආරම්භයේ විකාශය වේවි.. ඒ වගේම documentary වලටත් සම්බන්ධ වෙලා තියෙනවා..
– ඔබ රංගන ජීවිතයේදී යම් තෝරා බේරා ගැනීමක් සිදු කරනවද ?
තෝරා ගන්නේ මට සාධාරණයක් කරන්න පුළුවන් චරිත තමයි .. music video වලටත් සම්බන්ධ වෙලා තිබෙනවා.. Miss & Mrs srilanka for USA තරඟයටත් සහභාගි වෙලා තිබෙනවා.
– නිරූපිකාවක් වීමට කුඩා කාලයේ සිට සිහිනයක් තිබුණද?
නැහැ ..එය අහම්බයක් ..පොඩි කාලේ ආසාවෙන් හිටියේ නිවේදිකාවක් වෙන්න.
7
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
International model කෙනෙක් වෙන්න ආසයි.. මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඇමරිකාවට ගිහිල්ල එහිදී නිරූපණ ශිල්පිණියක් ලෙස වැඩිදුරටත් හදාරන්න.
හිරුණි ලියනගේ ඔබට Boston Lanka අපෙන් සුබ පැතුම්!
සටහන – තරුෂි නවංජනා ලියනාච්චි.