අපි වෙනදා මෙන් උදෑසැණින්ම පිටත් වුණා. මේ යන්නේ යක්කලට. එතැනිණුත් අපේ අද ගමන ඉවර වෙන්නේ නැහැ. Art in Motion අපේ ගමනාන්තය තව 20km පමණ දිගයි. තාවකාලිකව අපි නතර වෙනවා යක්කල ලැගුම් හලක් ලග.
හරියටම උදෑසන 9යේ කණිසම ට.
මම ගත්ත කෝල් එක. එක දිගටම නාද වනවා. දුරකථනයට එහා කෙලවරින් උත්තර දෙන්නා “නංගී ඔයාලා ආවද? ඉන්න මම විනාඩි 5න් පල්ලෙහාට එනවා…”
ඒ විනාඩි 5, විනාඩි 10-15කට එහා මිස මෙහාට නම් නොඑන බව ඒ උත්තර දුන් ස්වරයෙන්ම මට හැඟී ගියේ බෙහෙවින්ම නිදිමත ස්වරයක් පසක් කරලූ නිසා. අප කණ්ඩායමට දවසේ සැලසුම් ගැන කතා කරන්න බොහෝ දේ තිබුණ නිසා ගෙවී යන කාලය ගැන වගක් වුණේ නැහැ. ගෙවෙන තප්පර, විනාඩි කටු අතරේ අපට දැන ගැනීමට හැකි වූයේ පෙර දින රූගත කිරීම් පාන්දර 3 පසුවන තෙක් සිදුවූ බවක්.
ගෙවීයන කාලයේදී අපට නිෂ්පාදක සහායක ජනක වසන්ත කුමාරගෙන් ලැබෙන්නේ උණු තේ කෝප්පයක්. ඒ අතරේ අපේ කතාවේ උණුසුම වැඩි කරන්න එකතු වෙන්නේ මුලින්ම මගේ කෝල් එකට උත්තර දුන් චරිතය…
“සමාවෙන්න ඕන පොඩ්ඩක් පරක්කු වුණා.. පාන්දර 4යි නිදා ගන්නකොට. අද shoot එක On කරන්නේ දවල් 12.30ට”.
පසුගිය කාලයේදී ලංකාවේ ටෙළියට ජනප්‍රිය කතා රැසක් උරුම කෙරූ මොහු කවදත් වෙනස් හැඩතල මවන්නට වෙහෙස දැරූවෙක්.
“ඒක තමයි අයියේ. අපිටත් ඕක දැන ගත්තේ දැන්. ඔයාලට මහන්සි නිසා එහෙනම් අපි යන්නද ?
තිබ්බ අඩිය පස්සට ගන්නට කිසිසේත් අදහස් නොතිබුණත් මම එහෙම ඇහුවා නිකට වගේ.. පෙරළා ලැබුණේ හිත යටින් මම බලාපොරොත්තු වූ උත්තරේ …
“පිස්සුද.. ඔයාලා වැඩේ කරන්න.. ඉන්න මම arrange කරලා දෙන්නම් .. කෝ මහේෂ් ” …
ඔහු සියල්ල මහේෂ් ට භාර දෙනවා. මේ ජනප්‍රිය නළු සහාය අධ්‍යක්ෂකවරයකු ද වන මහේෂ් උයන්වත්ත .. ඔහු මෙම නාට්‍යයේ “බන්ඩප්පු” නම්වූ එක් ප්‍රධාන චරිතයකට පණ පොවනවා.
Boston Art in Motion අපිට අපේ වැඩේ කර ගන්න ප්‍රවේශය හදන මෙකී චරිතය ලාංකේය කලාවට බොහෝ චරිත දායාද කළ ලංකාවේ ජනප්‍රිය ටෙළි නාට්‍ය රැසක උරුමකරු වූ ප්‍රවීණ අධ්‍යක්ෂක සංජය නිර්මාල්. හුදු නිර්මාණකරණය උඩු යටිකුරු කළ අභිනන්දනිය ටෙළිය ගැන විධග්ගව කතා කරන්න අප නතරවූ තැන “සංසාර අරණ්‍ය අසබඩ”.
කුණුවී ඕජස් ගලන ජාතියට කුණු රසය ලබා දීමේ වරදින් ගැලවෙන්න කලාකරුවන්ට නම් හැකියාවක් නැහැ . භාෂාව, සාහිත්‍ය , ලේඛණය, සිනමානාත්මක හැකියාවන් නහුතෙට මෙකී නිර්මාණ කරුවන්ට තිබුණත් ඔවුන්ට සමාජයට ගැලපෙන ආකාරයට තමන්ගෙ නිර්මාණ බිහි කිරීමේ ස්ව හැකියාව ඇත්දැයි ප්‍රශ්ණයක්. එමගින් ඔවුන්ටවත් තේරුම් ගත නොහැකි අවර ගණයේ බාල නිර්මාණ බිහි වනවා. අහිංසක අපි ප්‍රේක්ෂකයින් ලෙස ඉන්දියන් නාටක සහ දුප්පත් කෙටිකතා වගේම වෙනත් භාෂිත සිල්ලර ගීත වලට ලොල් වුණේ මේ නිසා නොවේද ? නිර්මාණ සම්බන්දයෙන් මෙලෙස ලියූ අපේම දෝෂාරෝපණයක් තිබුණා. ප්‍රේක්ෂක සහ පාඨඛ ඔබේ වඩාත් ආදරය දිනා ගත ඒ ලිපියට ඔබ දැක්වූ ප්‍රතිචාර හමුවේ, ඔබේ ඉල්ලීම මත අපි ඔවුන් සොයා ගිහින් එදා එහෙම ලිවුව එක ගැනම මෙහෙම ඇහුවා.
“අවර ගනයේ නිර්මාණ එනවා. එහෙම කරන බොහෝ අයත් ඉන්නවා. අපිට ඔය ගොඩට වැටෙන්නත් බැහැ. ඒත් අපිට මේක දාලා යන්න බැහැ. මොකද නිර්මාණයෙන් ගැලවෙන්න බැහැ. එනිසා කොහොම හරි දෙයක් කරනවා” ඒකට උත්තරයක් දුන්නේ අධ්‍යක්ෂක සංජය නිර්මාල්.
සුළුතරයක් සතපා බහුතරයක් නිර්වින්දය කර ලබන ආතල් එක හරියට මෙලෝ මගුලක් නොතේරෙන ආඛ්‍යාන වලින් ලියපු පොත්ක් වගේ නේ … ? සත්‍ය වන්නේ නිර්මාණකරුවා ඔවුන්ගේ නොහැකියාව තේරුම් නොගැනීම. ඇයි බැරි තමන්ගේ බුද්ධිය, අත්දැකීම්, සාක්ෂරතාවය යොදවා අපංභ්‍රංස ලිහිල් කරන්න. බොහෝවුන් දන්නේ “කලාකරු” කියන ලේබලය අලවාගෙන ගන්න පමණයි. මේ සමාජය දැන් කුණු වී ඕජස් ගලන තුවාලයක්. වැගිරෙන දුගඳේ ඕජස්හි රස බලන, මැස්සන් කැලක් බවට ප්‍රේක්ෂකයෝ පත් වෙලා….
” ඔව් රැල්ලට ගේමක් ගහන්න මට කවදාවත් ඕන වුණේ නැහැ. කලකිරුණු අවස්ථා බොහොමයි. ඒත් මැරෙනකල් කලාව අත අරින්නේ නැහැ” … එකටත් සංජය කියන්නේ එහෙම එකක්
මිනිසුන් සමච්චලයට නගන ඝෝෂාව ප්‍රීති ඝෝෂාවක් සේ වරදවා වටහා ගත් නිර්මාණකරුවන් ප්රමෝදයට පත්ව සිටින කලෙක විහිලු සපයන විකාර රූපී මෙවලම් බහුතර විනෝදයක් ලබා දෙද්දී, likes සහ views මිනුම් දණ්ඩ වී ඕනෑම කුණුගොඩක් සඳහා වටිනාකමක් ඇති වෙද්දී, හරය හෝ ඉහළ රස වින්දනය තව දුරටත් නිර්නායකයන් බවට පත් වෙද්දී, පහත් රුචිකත්වය ඕපපාතික වෙද්දී, නොසරුප් කථා සමාජයට මුදා හැරෙමින් පවතිනවා. තව ටික දවසකින් සිදු වන්නේ වේදිකාව මත වීදුරු වැසිකිළියක් තනවා විවිධ කෝණ වලින් රූ ගත කරන තැනට අපේ නිර්මාණ පත් වීමක්.
මෙකී කුණු රසය සමාජගත වෙද්දී ඊට පටහැනිව නැගී සිටින නිර්මාණයක් වගේම නූතනයේ නොතේරෙන ආඛ්‍යාන ලිහිල් කළ නිර්මාණයක් “සංසාරාරන්‍යය අසබඩ” හැදින්විය හැකියි.
මගේ භාෂාවෙන් මේක එක වක්‍යකින් කියනවා නම් “එය වේදිකාව මත වීදුරු වැසිකිළියක් තනවා විවිධ කෝණ වලින් රූ ගත කරන්නට යමින් තිබූ හීන කුලේ පහත ඕපපාතික නිර්මාණාත්මක මානසිකත්වයට දර්ශනවාදයක්”.
මුදලට වෙනස් වන නාට්‍ය තේරීමේ කමිටු බොහොමයක් මුල් තැන දෙන්නේ ආකෘතියේ ඇති පාට, පාට පුහු අටෝපයන්ට. එහෙම නැත්නම් තමන්ගේ එවුන් ගොඩ දැමීමේ කලාවට. එමගින් මෙතුවක් කල් වුණේ නිර්මාණ කුසලතා බල්ලට යෑමක්. එවන් නිර්මාණ තුල අපේ කලාකරුවන්ට ඔවුන්ගේ රංගන අභිනයන් භාව ප්‍රකාෂණ ස්පර්ශ කරන්න තියා හිනා වෙන්නවත් ඉඩක් නැහැ. තිබ්බා ගැහුවා තියරිය මනාව ප්‍රගුණ වෙමින් තිබූ ටෙළි කරළිය අභියෝගයකට ලක් කරමින් සංසාරාරන්‍යය අසබඩ ලාංකේය ටෙළියේ හැරවුම් ලක්ෂයක් ඇති කරන්න සමත් වනවා.
සයිමන් නවගත්තේගම ශුරීන්ගේ කෘතියක් මෙලෙස රූප වලට පෙරළෙමින් තිබෙනවා. ටෙළියේ වෙනස් කඩ ඉමක් සංජය නිර්මාල් සංසාරාරන්‍යය අසබඩින් සලකුණු කරමින් සිටින්නේ විදවන ජිවිත තවත් විදවන්න ගෙතෙන ටෙළි කතා අතර වින්දනීය නිර්මාණාත්මක ලාංකේයත්වය මොනවට කැටයම් කරන්නට.
ඔබ දකින වලව්වේ දර්ශන තල සදහා ඔවුන් යටවක වලව්ව තෝරා ගෙන තිබුණා. මම මුලින් පැවසු පරිදි අපට තවත් දුරක් යන්නට සිදුවුණා,ඔවුන්ගේ ලැගුම් හලට සමුදී. එදා අපේ සිංහලකම දනවන යටවක වලව්ව අදත් එලෙසින්ම විරාජ මාන වන්නට උත්සාහ ගන්නා කාලයක සංසාර අරණ්‍ය අසබඩ මෙසේ දිග හැරෙනවා සංජයගේ ඇක්ෂන් කට් තුලින්.
නිර්මාණය ගැන සංජය සමඟ අපි යෙදෙන පිළිසදර අතරතුර දහවල් රුගත කිරීම් සදහා රංගන ශිල්පීන් පැමිණෙමින් තිබුණා. මහ නිළමේ ජනප්‍රිය නළු අජිත් වීරසිංහ. කවුරුත් හදුනන බෙහෙවින්ම මිත්‍රශීලි චරිතයක්. පැමිණි විගස ඔහු තම චරිතයට සාධාරණයක් ඉටු කිරීම උදෙසා පිටපත කියවන්නට වුණා. ” මම ඉල්ලන්නේ එකම දෙයයි. මත්පැණින් තොර වෙන්න. ඒ වගේම ශේෂ්ත්රයේ ඉන්න විනය වැදගත්” අජිත්ගෙන් ඔබට පණිවියක්. මේ කතා හරි සංවේදියි. Boston video හරහා සවිස්තරව ඔබට නරඹන්න පුළුවන් ලගදීම. මීළගට හිනා වේවි පැමිණියේ ඔබේ ආදරය දිනූ මනකාන්ත ජනප්‍රිය නිළි උදාරි වර්කුලසුරිය. ඇයයි සුන්දර ළමා තැනීය. ” මගේ ජිවිතේ සරළයි සැහැල්ලුයි. උදාරි හිනා වේවි කියූ දෙයක්. වලව්වේ මෙහෙකාරිය “සිරියා” වෙන්නේ උදයන්ති. වලව්වේ සෙල්ලක්කාරයා, චරිත අබේසිංහ. මෑතකදී කලාකරුවන්ගේ දේශපාලන ආගමනය ගැන මතභේදයට තුඩු දුන් ප්‍රකාශයක් සමඟ කතා බහට ලක්වූ චරිත්ගේ දේශපාලන කතාව ගැනත් අපි අහන්න අමතක කලේ නැහැ. නූතන කුමාර වරුන්ගේ භූමිකාව ගැන ඔහුට තිබුණා අපූරු අදහස් ටිකක්. එයත් ඔබට ඔහුගේ වීඩියෝවෙන් අපි ගෙන එන්නට සුදානම්. පළමු වරට රංගනට පිවිසෙන නිරුපණ ශිල්පියකු වූ කපිල් ගල්පිහිල්ලත් දහවල් වෙනකොට ලොකේෂන් එකට එකතු වෙන්නේ “වෙදරාළ” වෙමින්. සියළු තීරණ සංජය නිර්මාල්ගේ. තව බොහොම සම්මානනීය නළු නිළි පිරිසක් සංසාර අරණ්‍ය අසබඩ තුලින් ඔබට දැක ගන්න පුළුවන්. අද දර්ශණ තලයේ ඉන්නේ මේ ටික.
“ලස්සන තිබිලා මදි ටැලන්ට් එකත් රංගයට වැදගත්. මේ උදයන්ති. ඇගේ රුව ඔබ සජීවීව දැක ඇති. සමහර විට නැතුවත් ඇති. ඒ කෙසේ වුණත් ඇයට බෙහෙවින්ම ආකර්ශනීය සමක් උරුම වී තිබෙනවා. නමුත් මම අද අද දැක්ක උදයන්ති කළුයි. ” චරිතයට අනුකුල ලෙස කළු කරලා. ඒකට වගකිව යුතු පුද්ගලයා තරුණ වේශ නිරූපණ ශිල්පී බුවනක රණවක. ඔහුගේ පියාත් ලංකාවේ ප්‍රසිද්ධ සම්මානලාභී වේශ නිරූපණ ශිල්පියක්. ඔබ නරඹන මෙම ටෙළියේදී ඔබට පෙනේවි මේ නළු නිළියන්ගේ වෙනස. ඒ වෙනස වෙනුවෙන් එක් රංගන ශිල්පියක් එක්ක බුවනක පැය 3,4ක පමණ වෙලාවක් ගත කරනවා. සේරම මාරම ගේමක්. ඔබ සියසින් දකින්නම ඕන.. එවිට ඔබට හිතේවි ඔබ ආදරය කරන මේ චරිත මොන කට්ටක් කනවද කියලා. ඒ කට්ට ඔවුන්ට හරි රහයි. ඒ ඔවුන් ඔබේ ආදරය කෑදර නිසා. ඔබ වෙනුවෙන් හරි දෙයක් කරන්න ඔවුන්ට අවශ්‍ය නිසා.
සාධාරණ සමබර මාධ්‍ය සම්ප්රදායක යන බොස්ටන් අපි ඔවුන්ගේ වගවීම් ගැන ඔබට කියන්න සෙට් එකේ රුගත කිරීම් යන අතරතුරදී ඔවුන් සමඟ කතා කලා. අධ්‍යක්ෂකවරයා ද තමන්ගේ වැඩේ යන අතරතුර නිරතුරු අපි ගැනත් සොයා බලන්න අමතක කළේ නැහැ. මහේෂ්ව සම්පුර්ණයෙන්ම අපේ වැඩේට යොදවා තිබුණා.
සෙට් එකේ කෑම බීම සියල්ල සොයා බැලුවේ ජනක. නිෂ්පාදකවරුන් වැළලෙන කාලෙක අභියෝගයක් දරමින් මීට නිෂ්පාදක දායකත්වය සපයන්නේ ඈන් ඩන්ස්ෆෝර්ඩ්. සහාය අධ්‍යක්ෂනය ප්‍රියන්ත සමරකෝන්. සම්පත් තුෂාර නිෂ්පාදන කළමනාකරණයට දායකත්වය ලබා දෙද්දී ශබ්ද පරිපාලනයට ඉන්දික සිසිර කුමාර කැප වෙනවා. සංසාරරණ්‍ය අසබඩ හි තේමා ගීතය ලියවෙන්නෙත් මෙහි අධ්‍යක්ෂක සංජය නිර්මාල් අතින්ම වීමත් විශේෂත්වයක්. එයට සංගීතය මුසු කරන්නේ සංගීත අධ්‍යක්ෂක නදීක ගුරුගේ. කළා අධ්‍යක්ෂනය සුරංග කුරුප්පු ආරච්චි. සංස්කරණය විරංග කැටපේ ආරච්චි. තවද කැමරා සහායකවරුන් සහ ආලෝකකරණ සහායකවරුනුත් කිහිපයක් මිට සිය උපරිම දායකත්වය ලබා දෙනවා. විශේෂයෙන්ම හෙළ අතීතය දනවන්න අයේෂා ගන්නා උත්සාහයත් මතක් කළ යුතුයි. ඇයයි මෙහි ඇදුම් නිර්මාණ ශිල්පිණිය. කර්යශුරිව අධ්යක්ෂවරයා සමඟ මනා සම්බන්දතාවයක් ගොඩනගා නගමින් අදහස් මති මතාන්තර අස්සේ දිවෙන ඇයගේ භූමිකාවත් මෙහි කැපී පෙනුණා. මේ දවස් වල ලංකාව පුදුමාකාර රස්නෙයි. ස්වභාව සෞන්දර්ය අපිට පාඩමක් කියා දෙන යුගයක් . ගිණියම්ව දැවෙන දාහයට තෙත්වූ මුහුණු අතරේ සංසාරාරන්‍යය අසබඩ කණ්ඩායම නිරතුරු දැනවුයේ වෙහෙසට ඔච්චම් කරන හිනාවක්.
සංජයගේ ඇක්ෂන් කට් ලෙල්ලටම පාගන්නේ නිහඩම චරිතයක්. ප්‍රවීණ කැමරා සහ අලෝක ශිල්පියකු වන උපුල් ප්‍රජාත්. එදා සෙට් එකේ සිටි සියල්ල අපගේ වීඩිවේ සටහන් වුවත් දෙන්නෙක්ගේ කතා මිස් වෙනවා.එක්කෙනෙක් රංගවේදී සරත් කොතලාවල. අධ්යක්ෂවරයා ඔහුට ඔබ වෙනුවෙන් දෙයක් කියන්න කියා පැවසුවත් ඒ වෙනුවෙන් ඔහුට කාලයක් තිබුණේ නැහැ. ඒකට හේතුව නම් මම කියන්න දන්නේ නැහැ. හේතුවක් හදා ගන්න ඔබට භාරයි. අනෙක් චරිතේ මම ඉහත සදහන් කරපු උපුල්. උපුල්ට නම් ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා ” අනේ මට කතා කරන්න තේරෙන්නේ නැහැ නංගී.. ඒක හරිම අහිංසක ඉල්ලීමක්.. අධ්යක්ෂවරයාගේ සාකච්චාවේදී කැමරාකරණය ගැන සවිස්තරව කියවෙන නිසා උපුල්ගේ අඩුවකුත් නැහැ වගේම නිහඩව තම වැඩේ අමුවෙන්ම ගහණ ඔහුගේ හැකියාවන් මනාව ගැන මෙහි රූපරාමු සාක්ෂිත් දරනවා. තිරයේ පෙනෙණ චරිත, මහා චරිත බවට පෙරළීමට ඔවුන් ගහන්නේ පුදුම ගේමක්. ඔබත් මමත් ආලින්දයේ සිට නරඹන සුන්දරත්වය රූගත කිරීම් සිදු කෙරෙන දර්ශණ තලයේ නැහැ. මේක ලොකු කැප කිරීමක්. නමුත් ඔවුන් තෘප්තිමත්… අපිට වෙහෙසයි මේක බලන් ඉදලා. ඒත් ඔවුන්ට වෙහෙසක් නැහැ. ඒ ඔවුන් පැලෙන්න තම නිර්මාණයට ආදරය කරන නිසා.
මෙන්න මෙහෙමයි ඒක ඉතිං…. නිර්මාණය සදහා දුර්ලභ ගණයේ දර්ශණ තල, ආකර්ශනීය ඇදුම් නිර්මාණය, කලාකරුවන්ගේ විශිෂ්ට රංගනයන් සියල්ලට මේ කණ්ඩායමේ එකාවන්ව වැඩ කරන සාමුහිකත්වයත් මුසු වෙලා.
කැපවීමට ප්‍රථිපල ඉදිරියේදී සම්මාන දිනා ගෙන සනිටුහන් වනු ඇත.
නිදා ගන්නවත් නොදී මල ඇනයක් වුණ අපිටත් ඔවුන් දුන් සහයෝගය හරි අපූරුයි. සියලු දෙනාටම ස්තුති කරමින් අපි යටවක වලව්වෙන් නික්මුණා. ඒ හරියටම හවස 5 කණිසමට
Ashanthi Warunasuriya අශන්ති වරුණසුරිය
Pic By Ranuka Wijewardhana