ලංකාවේ කොරෝනා භීතිකාව

Corona Virus -SL
ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා අසාධිතයා හමුවීමත් සමඟ මේ වන විට කොරෝනා භීතිකාවක් ලෙසට පත් වෙලා. ඒ නිසාම මිනිස්සු වෙළෙඳ සැල ඉන්ධන පිරවුම් හල් වල පෝලිමේ. වෙළද සැල් වල සියලු භාණ්ඩ එක දවසින්ම ඉවර වෙන තරමටම මිනිස්සු බඩු අරං. කල දුටු කල වල ඉහ ගන්නා වුන් තවමත් අප අතර නිසා එළවලු මිල ඉහළ ගොස් ඇති බවක් Boston අපේ නිරීක්ෂණයකින් පෙනී ගියා. සමහර ඉන්ධන පිරවුම් හල් හිස්. තෙල් නැහැ කියනවා. එකට තව හේතුවකුත් තිබුණා. ඒ ඉන්ධන මිළ වැඩි වේයැයි ආරංචියක් නිසා
සල්ලි තියෙන මිනිස්සු එහෙම කරද්දී දුප්පත් මිනිස්සු වෙන දේ දිහා ඔහේ බලාගෙන ඉන්නවා. කොහොම වුණත් ලංකා රජය දිගින් දිගටම කියන්නේ මෙහෙම කලබල වෙන්න අවශ්‍ය නැහැ කියලා. පාසල් හි අප්‍රේල් නිවාඩුව කලින් දීමත් සිදු වුණා ඒ සමඟ අද වන විට පුද්ගලික උපකාරක පංති, දහම් පාසල්, මොන්ටිසෝරි තාවකාලිකව වසා දමන ලෙසට රජය දැනුම් දුන්නා.
විශ්ව විද්‍යාල වහලා. තාවකාලික සංචාරක පනවන්නත් යනවා. සංචාරක මගපෙන්වන්න එහෙම ඉල්ලීමකුත් අද කළා . සම්භාහන ආයතන තාවකාලිකව වසා දැමීමක් සිදු වීමත් සමග මෙරටට පැමිණෙන ගුවන් ගමන් සහ මෙරටින් යන විදේශ රට වලට යන චාරිකා වන්දනා ගමන් වගේම රැකියා වලට යන අයටත් නොයන ලෙසට රජය තහංචි පැනවුවා. ඒ අනුව දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් සඳහා රටට ඇතුලත් කර නොගැනීමට රජය තීරණය කෙරුනා. යුරෝපයෙන් පැමිණෙන ගුවන් ගමන්  තාවකාලික නතර කිරීම් සිදු වෙනවා. භාණ්ඩ , ඉන්ධන වගේම ඖශධ හිගයක් වති බවට කතාවක් ගියත් එහෙම නැති බවත් රජය නිවේදනය කරමින් පැවසුවා. සියල්ලෙන් බලාපොරොත්තු වන්නේ ජනතාව රැස්වීමක් විෂබීජ පැතිරීම වැළක්වීමට.
කටකතා විශ්වාස නොකර ”කොරෝනා” මර්දන ක්‍රියාවලිය නිසි ලෙස වටහා ගැනීම මෙරට පුරවැසියන්ගේ වගකීමයි- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තරයේ අවධානය කරමින් පැවසුවා. කොරෝනා මැඩපැවැත්වීමට රජය සියළු පති වලින් අවශ්‍ය සියලු විදිවිධාන කරගෙන යනවා.
මේ වන විට කොරෝනා සම්බන්දයෙන් සමාජ මාධ්‍ය වල යන අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිවත් රජය පියවර ගත්තා.
කොවිඩ් -19 පිළිබඳ ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු සංසරණය කිරීම හෝ බෙදාගැනීම සඳහා සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිතා කිරීමෙන් වළකින ලෙස මහජනතාවට උපදෙස් දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පවසුවා. ඒ අනුව ව්‍යාජ තොරතුරු සංසරණය වීම සාමාන්‍ය ජනතාව අතර අනවශ්‍ය භීතියක් ඇති කරන ක්‍රියාවන් නීතියට අනුව දඩුවම් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා
කොරෝනා මෙහෙම වෙනකොට ලංකාවේ දේශපාලන පැත්තෙත් යම් යම් දේ සිදු වෙනවා. කොහොම වුනත් මැකෝ ඉදිරි මැතිවරණ වැඩ දිගටම කරගෙන යනවා. මැතිවරණ කොමසාරිස් Boston අප කල විමසුමට පිළිතුරු දෙමින් පැවසුවේ ඊට අවශ්‍ය වැඩ කෙරෙමින් යන බවක් සහ මැතිවරණය කල් දැමීමට තීරණයක් නොමැති බවක්. අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වෙන පාර්ලමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා බාර ගැනීම ආරම්භ වූ ඊයේ (12) පස්වරු 4.30 වනවිට දේශපාලන පක්ෂ 2ක් සහ ස්වාධීන කණ්ඩායම් 5ක් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී නාමයෝජනා බාර දිලා. මේ අතර මහනුවර, මාතලේ, යාපනය, පුත්තලම සහ බදුල්ල යන දිස්ත්‍රික්ක සදහා ස්වාධීන කණ්ඩායම් 5ක් මේ වනවිට නාමයෝජනා බාර දී තිබේ. නාම යෝජනා බාර ගැනීම මාර්තු 14දා දවල් 12ට අවසන් වෙනවා. මෙයට අමතර ඊයේ (12) පස්වරු 4.30 වනවිට ස්වාධීන කණ්ඩායම් 120ක් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඇප මුදල් තැන්පත් කරලා
වරෙන්තු නිකුත් කිරීමත් සමඟ දින 7ක් පුරාවට අතුරුදහන් වෙලා හිටපු රවී කරුණානායක හිටපු ඇමති අද අධිකරණයෙන් මතු වුණා. රවී කරුණානායක මහතා පැවසුවේ වෙන දේ නිහඩව බලා සිටින බවත් සිය දේශපාලන ජීවිතයේදී ඔහු විදි අභියෝග හමුවේ මෙයත් තවත් එක් අභියෝගාත්මක කාලයක් බැවින් සියල්ලට මැදහත් සිතින් මුහුණ දෙන බව.
රුපියල් 306,268,194 ක මුදලක් අයථා ලෙස අත්පත් කරගෙන තිබෙන බවත් ඒ තුළින් ඔහු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබු සජින් වාස්ට ඇප ලැබුණා. විජිත් විජයමුණි ඇතුළු කිහිප දෙනෙක්ට පක්ෂ සාමාජිකත්වය අහිමිවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපද්දී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්‍ෂය, හිටපු විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කරමින් එක් වුණා

කොටස් වෙළෙඳ පලත් තාවකාලිකව වැසීමක් සිදු වුනා. නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවේ හමුදා කළමනාකාරීත්වය යටතේ. මෙරටට පැමිණෙන සියල්ලන් නිරෝධායනය කරන්න ගත්තේ දින 3කට පමණ ඉහතදී. එතැනදී ගැටළු ප්‍රශ්න මතු වුණා. මේ පිලිබදව දැනට විවිධ කතා විවේචන එල්ල වනවා. ඒ කෙසේ වෙතත් කියන්න එක් දෙයක් තියෙනවා.

1258 ක් ඉතාලියේ සුව වෙලා. දකුණු කොරියාවේ අඩු වෙලා. පරිස්සම් වීමෙන් ප්‍රගතියක් අත් කර ගන්න පුළුවන්.

සුනාමි පැමිණියා මහා යුද්ධයක් තිබුණා ඒ අතරතුර ගංවතුර නියග ස්වභාවික උවදුරක් වූ සැණින් ලාංකිකයන් එකතු වුණේ ගෙදර කන්න උයපු බත් පාර්සලෙත් වියසනයට ලක්වුණ මිනිසුන්ට දෙමින්. එහෙම එකතු වුණ අපි අපි අද කඩසාප්පු සෝදා පාලු කරමින් සියල්ල රැගෙන යමින් තනි වෙලා මේ කොරෝනා නිසා. කොරෝනා ආවේ චීනෙන්. දැන් චිනේ කොරෝනා දුරු වෙමින් යනවා. චීනය අභියෝගය ජය ගත්තේ භය වෙලා නෙමෙයි එකතු වෙලා.

රටක් විදියට එකාවන්ව කටයුතු කරලා මේ රට ගොඩා දාපු ජාතියක් .. එහෙව් වෙලාවක කලබල නොවී ජාතියක් විදියට වගකීම් වලට වගවෙලා කටයුතු කරමු.
By Ashanthi Warunasuriya