රනිල් අඩියක් පස්සට : සජිත් සමග අවබෝධතා ගිවිසුමකට

03_REVISED_RANIL_ST_175032f-450x406

අඩියක් පස්සට තබා ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස සමග සාකච්ජා කිරිමට තමන් සුදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද සවස රැස්වූ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කර ගනිමින් ජාතික සමගි ජනබලවේගය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමේ වගකීම නීතිඥ මන්ඩලයක් වෙත භාර කිරිමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අවසරය හිමිව ඇත.

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය පත් කිරිමට සහ එය අනුමත කිරිමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සමගී ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ කබීර් හෂීම් ඊට අයත් වනවා.