නවක වදය මඩින්න CIDය

91 University Students Medical students injured Sri Lanka after Police attack

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල මුල්බැසගෙන තිබෙන නවකවදය පිළිබඳව විවිධ පුවත් වාර්තා වන අතර සමහර සිසුන්ගේ සරසවි ජීවිතය අවසන් වීම මෙන්ම ජිවිතයෙන්ද සමු ගැනීමට තරම් නවකවදය මේ වනවිට අමානුෂික තත්වයකට පත්ව ඇත.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ නියෝගයෙන් පසුගියදා විශේෂ කමිටුවක් පත් කෙරුණා ඒ නවකවදය හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර දැමු සිසු සිසුවියන් වෙත යම් සහනයක් ලබා දීම සඳහායි.

එමෙන්ම අමාත්‍යංශයේ තවත් ඉතා වැදගත් තීන්දුවක් ලෙස විශ්වවිද්‍යාල තුල සිදුකෙරෙන නවකවදය නැවත්වීම සඳහා රහස් පොලිසියේ සහාය ලබාගෙන තිබෙනවා.
මේ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුල රහස් පොලිස් මෙහෙයුම් ආරම්භ කොට ඇත්තේ නවකවදය ලබාදීම සඳහා මුලික වන ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහාය.
මෙසේ අත්අඩංගුවට පත්වන සරසවි සිසුන්ට සිය ශිෂ්‍ය භාවයද අහෝසි කරන්නට සුදානම් බවයි වාර්තා වන්නේ…