එජාප සංධානය හංසයාගෙන්

Sajith-NDF-1
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික සමගි ජනබල වේගය සන්ධානය ඉදිරි මහ මැතිවරණය සඳහා හංසයා ලකුණින් තරග කිරිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සම්බන්ධයෙන් හෙට දිනයේ සාර්ථක පිළිතුරක් ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල පවසනවා. මන්ත්‍රීවරයා කියා සිටියේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ හංසයා ලකුණින් ද නැතහොත් අලියා ලකුණින් ද යන්න එහිදී තීරණය කරනු ඇති බවයි.