එජාපෙන් බෙදුණු සජිත්ගේ අලුත් හදවතේ කතාව

MCC - Sajith
දැනටමත් ලියාපදිංචි කර ඇති ‘අපේ ජාතික පෙරමුණ’ නමැති පක්ෂයේ නම  ‘සමගි ජනබලවේගය’ ලෙසින් වෙනස්කිරීමේ යෝජනාවත් , එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාද , ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද වශයෙන් එහි තනතුරු වෙනස්කිරීමේ යෝජනාවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබේනවා
එම නව පක්ෂයේ ‘හදවත’ ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරගකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය යෝජනා කර ඇති නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ‘අලියා’ ලකුණින්ම තරගකිරීමට යෝජනා කිරීම නිසා මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව පවති.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේදී  රැස් වූ අතර එහිදී ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවූ අතර යෝජිත සන්ධානයේ මහලේකම් ධුරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා නම්කිරීමට එහිදී අනුමැතිය පළ වුනා
මීළඟ මහ මැතිවරණයට හදවත ලකුණ කරගත් සමගි ජනබලවේගය නම් සන්ධානයෙන් තරග කළ යුතු බවට සජිත් ප්‍රේමදාස මහතාට හිතැති පාර්ශ්වයෙන් යෝජනා ඉදිරිපත් වෙද්දි රනිල් වික්‍රමසිංහ මහතාට හිතැති පාර්ශ්වයේ යෝජනාව වූයේ එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කළ යුතු බවයි.
පක්ෂ ව්‍යවස්ථාව අනුව අලියා ලකුණ හැර වෙනත් ලකුණකින් මහ මැතිවරණයට තරග කළ නොහැකි බව මෙහිදී ඔවුන් පෙන්වා දුන් අතර එවිට සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ මතය වූයේ එලෙස අලියා ලකුණින් තරග කරන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාගේ අභිමතය පරිදි වෙනත් මහලේකම්වරයෙක් නව සන්ධානයට පත්කරගැනීමෙන් පලක් නොවන බවයි.
උද්ගත වූ වාතාවරණය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් තිබෙනවා. අවසානයේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ යෝජිත සන්ධානය අලියා ලකුණ යටතේ මහ මැතිවරණයට තරග කළ යුතු බවට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය යෝජනා කළ බවයි.
කෙසේවෙතත් සජිත් පාර්ශ්වය මේ වන විටත් හදවත ලකුණ යටතේ සමගි ජනබලවේගය පක්ෂයෙන් තරගකිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව එම පාර්ශ්වයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව පෙබරවාරි 06 වැනිදා නිකුත් කළ ලිපියක සඳහන් වන්නේ අදාල පක්ෂ නාමය දැනටමත් පිළිගෙන.
මේ වන විටත් ලියාපදිංචි ‘අපේ ජාතික පෙරමුණ’ නමැති පක්ෂයේ නම  ‘සමගි ජනබලවේගය’ ලෙසින් වෙනස්කිරීමේ යෝජනාවත් , එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාද , ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද වශයෙන් එහි තනතුරු වෙනස්කිරීමේ යෝජනාවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද බව පක්ෂ මහලේකම් වෙත යොමු කළ එම ලිපියේ සඳහන්.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු තිබෙන්නේ ඒ සමගි ජාතික බලවේගය නමින් පක්ෂයක් ලියාපදිංචිකිරීමට විරෝධය පළ කරමින්.
එක්සත් ජාතික පක්ෂයේ ඉංග්‍රීසි පරිවර්තනයද කෙටිකළ විට UNP ලෙසින් දැක්වෙන බැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන ලෙස එමගින් ඉල්ලා තිබෙනවා. මේ පිලිබදව තව දුරටත් වාර්තා වන්නේ පෙම්වතුන්ගේ දිනයදා සජිත් ගේ නව පක්ෂය ජනතා වන බවයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විසින් ඇති කරන නව පක්ෂය එළිදැක්වීම නුදුරේම සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අනුව ‘හදවත’ සලකුණින් යුත් ‘සමගි ජාතික බලවේගය’ නම් මෙම නව පක්ෂය එළඹෙන 14 වැනි දිනට ‌යෙදෙන ‌පෙම්වතුන්ගේ දින ජනගත කිරීමට සූදානමින් සිටින බව වාර්තා ‌වනවා. ‘හොරු නැති-‌බොරු නැති හදවතේ පක්ෂය’ යන්න නව සන්ධානයේ ‌තේමාව වී ඇති බවත් වාර්තාවන්ගේ දැක්වේ.