පගාවට තනතුරු හමුවේ දණින් නැමුණ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම

Bribes
ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ වංචා දුෂණ කිහිපයක් Boston අපට අනාවරණය කර ගැනීමට හැකි වුණා . මේ ඒ පිළිබදව සිදු කෙරෙණ අනාවරණයකි.
ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම විසින් පිදුරුතලාගල ගල කදු මුදුනෙහි රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා 027/T /2018 යටතේ ටෙන්ඩර් කැදවීම් අතර 2018 නොවැම්බර් මස 15 වන දිනෙන් ටෙන්ඩර් කැදවා අවසන් කරන තිබෙනවා. ප්‍රංශයේ තලෙස්, Spanish ඉන්ද්‍ර සහ ඉතාලියේ ලෙනාඩෝ යන ජාත්‍යන්තර කිරිතියට පත් සමාගම් තුනක් විසින් ඒ සදහා ලංසු ඉදිරිපත් කරලා.  එම සමාගම් තුන අතරින් අඩුම ලන්සුව ලැබ දෙන ලද්දේ Spanish ඉන්ද්‍ර සමාගම වන අතර එම සමාගමෙන් පසු ලංසුව ඉතාලියේ ලෙනාඩෝ සමාගම විසින් ලබා දීලා. ඒ අනුව ඉහළම ලංසුව ලබා දීලා තියෙන්නේ ප්‍රංශයේ තලෙස් සමාගම. එම සමාගමේ ලංසුව අනෙකුත් සමාගම් දෙක විසින් ඉදිරිපත් කර සිටින ලද ලංසුවට වඩා දළ වශයෙන් රුපියල් 42,000,000 සහ රුපියල් 86,000,000 පමණ වැඩි බවයි කියවෙන්නේ.
පිදුරුතලාගල කදු මුදුනට රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා ටෙන්ඩර් පටිපාටියට අදාල තක්සනික ඇගයීම් කමිටුව වෙත ගුවන් සේවා සමාගමේ ඉලෙක්ට්‍රොනික් සහ ගුවන් සංචලන අංශයේ ප්‍රධානියා සහ මෑතකදී විශ්‍රාමලත් එම අංශයේම නියෝජ්‍ය ප්‍රධානියා විසින් එම ටෙන්ඩරය සදහා ඉහළම  ලංසුව ඉදිපත් කර තිබුනේ ප්‍රංශයේ තලෙස් සමාගම. එහිදී ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ තාක්ෂණික කමිටුව වෙත බලපෑම් සිදු කරමින් එම කමිටුව මෙහෙයවා ඇති බව සදහන්. එම ජෙයෂ්ඨ නිලධාරීන් විසින් තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත සිදු කරන ලද බලපෑම් හේතුවෙන් ප්‍රංශයේ තලෙස් සමාගමට  වාසිවන පරිදි ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද අනෙක් සමාගම් දෙක වන Spanish සහ ඉතාලියේ ලෙනඩො යන සමාගම් වලින් එම ටෙන්ඩරය සම්බන්දයෙන් අනවශ්‍ය 027/T 2018 වැඩි දුර පැහැදිලි කිඉම් ඉල්ලා සිටීමෙන් සම්පුර්ණයෙන්ම සහ මුළුමනින්ම ප්‍රංශයේ තලෙස් සමාගමට පක්ෂපාතිව කටයුතු කර තිබෙනවා. එම සමාගම් සම්පුර්ණයෙන්ම අනුකුලතාවන්ට අනුව  ලන්සු ඉදිරපත් කර තිබුණත් ඒවා පසෙකලා මෙලෙස සිදු වෙලා.
අසාර්ථක සැපයුම්කරුවෙකු වන ප්‍රංශයේ තලෙස් සමාගම විසින් මේ වන විටත් පිදුරුතලාගල කදු මුදුනට ස්ථාපිත කර ඇති ද්විතික රේඩාර් පද්ධතිය එම සමාගමේ සැලසුම් වල සහ තාක්ෂණික දෝෂ හේතුවෙන් එවරක් අක්‍රිය වෙලා. ඒ බව සනාථ කිරීම සදහා එම රේඩාර් පද්ධතියට අදාළ ජයාරූප මේ සමග ඉදිරිපත් කර ඉතාලියේ ලෙනාඩෝ සමාගම ඉතාමත් මෑතකදී සිගප්පුරුවේ චංගි ගුවන් තොටුපලට සහ මෙලෙසියාවේ ගුවන් තොටුපල වෙත මේ හා සමාන රේඩාර් පද්ධති සපයලා. රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ ටෙන්ඩරය ගුවන් තොටුපල සහ ගුවන්සේවා සමාගම විසින් ප්‍රංශයේ තලෙස් සමාගම වෙත ප්‍රධානය කළහොත් අවම වශයෙන් උපියල් 86,000,000 ක යුතු අලාභයක් සහ පාඩුවක් ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමගම වෙත සිදුවීම නොවැලක්විය හැකි වනු ඇත. ඉහත නිලධාරීන් දෙදෙනා මෙලෙස සිදු කිරීමට විශේෂ හේතුව වන්නේ ඔවුන් විශ්‍රාම යාමෙන් පසුව ප්‍රංශයේ තලෙස් සමාගමේ හෝ එම සමාගමේ අනුබද්ධ  සමාගමක ඔවුන්ට රැකියා ලබා දීමට පොරොන්දු  බව කියවෙනවා.
සමාන ටෙන්ඩරයක් වන 026/T /2018 වන AASL ගුවන් යාන තොරතුරු පද්ධතිය සැපයීම ස්ථාපනය කිරීම සග පැවරීම සම්බන්දයෙන් වන ටෙන්ඩරය ඉතා සුක්ෂමව සහ පක්ෂග්‍රහිව ප්‍රංශයේ තලෙස් සමාගම වෙත ප්‍රධානය කර තිබෙනවා.  එහෙත් අවම වශයෙන් මේ වන තෙක් එම වියාපෘතිය ආරම්හ කිරීමට  ප්‍රංශයේ තලෙස් සමාගම අපොහසත් වී ඇති අතර පවතින AHMS පද්ධතියේ සහ එයට සම්බන්දිත පද්ධති වල පවා බොහොමයක් තාක්ෂණික දෝෂ සහ අනනුකුලතා පවතින බව සදහන්. ප්‍රංශයේ තලෙස් සමාගම විසින් එම වියපෘතිය ආරම්භ කර පවා නොතියදී එකී කරුණු නොසලකා හැර ඉහත සදහන් කරන ලද ජේයෂ්ඨ නිලධාරීන් දෙදෙනා විසින් 2020 සහ 2021 වර්ෂ සහද වන අයවැයෙන් විශාල මුද්ලලක් එම ටෙන්ඩරයට අදාලව වියාපෘතිය වැඩි දියුණු කිරීම සදහා වෙන් කරලා.
එමගින් එම නිලධාරීන් දෙදෙනාගේ පක්ෂපාති ක්‍රියාව මනාව  පෙන්නුම් අතර ඒ අනුව එම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය මගින් ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමට විශාල මුල්‍ය අලාභයක් සිදු කර ඇති බව පෙනෙනවා. එම නිලධාරීන් දෙදෙනාගේ එකී කියා කලාපයය මගින් ඇප දිය නොහැකි වරදක් වන රජයේ දෙපලට අලාභ සිදු කිරීම සහ රජයේ දේපල අහිමි කිරීම සිදුවී ඇති බවන් ඒ සම්බන්යෙන් අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කල යුතුව ඇත. මෙම කරුණු අනුව එම සම්බන්දයෙන් විමෂණය කිරීම සදහා පියවර ගැනීම මෙන්ම අදාල නිලධාරී දෙදෙනාගේ නිසා සිදු වන  පාඩුවට පියවර ගත යුතුව ඇත.
 ජාතික ප්‍රසම්පාදන කමිටුවේ මාර්ගෝපදේශනය අනුව ටෙන්ඩර් කමිටුවේ නිලධාරීන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිලධාරීන් සහ ප්‍රසම්පාදනයට අදාළ අංශයේ ඉහල නිලධාරීන් විසින් අදාළ ටෙන්ඩරය විවුර්ත කරන දින සිට එම ටෙන්ඩරය ප්‍රධානය කරන දින දක්වා වන කාලසීමාවේදී ලංසුකරුවන්ගේ පහසුකම් සපයන්නන් ලංසුකරුවන්ගේ සම්බන්දතා සන්නිවේඳන ගනුදෙනු කිරීම් සම්මන්ත්‍රණ සුහද හමුවීම් මුහුනුවීම් කර්මාන්තශාලා නිරීක්ෂණ සහ රැස්වීම් නොපැවැත්විය යුතු බවට සදහන් කරලා. එසේ වුවද එකී කරුණු මුළුමනින්ම නොසලකා හැර ගුවන් සේවා සමාගමේ ඉලෙක්ට්‍රොනික සහ ගුවන් සංචලන අංශයේ ප්‍රධානියා සහ මෑතකදී විශ්‍රාමලත් එම අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා මෙම ටෙන්ඩරයට අදාලව තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයන් වන ඉංජිනේරුවන් දෙදෙනෙකු මුහුණු වැඩමුළු , කර්මාන්ත ශාලා නිරීක්ෂණ , සම්මන්ත්‍රණ , ප්‍රදර්ශන සහ රැස්වීම් යනාදිය සදහා සහභාගිවීම සදහා සමහර නිලධාරීන් පුද්ගලික සංචාර සදහාද තලෙස් සමාගමේ කාර්යාල සහ කර්මාන්ත ශාලා වෙත ගොස් ඇති අතර ඔවුන් SCAPC උපදෙස් මත එම විදෙස් ගතවීම සිදුකර නැහැ. එම නිලධාරීන් විසින් මේ සියල්ල සිදුව ඇත්තේ කිසිදු විනිවිදභාවයෙන් තොරවයි. මෙකී විදෙස් ගතවීම සංචාර මගින් ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සම්පුර්ණයෙන්ම උල්ලංගනය කරලා.
එබැවින් රටේ යහපත උදෙසා  මෙන්ම අවම පිරිවැයකින් උපරිම නිෂ්පාදනයක් ලබා ගැනීම සදහා සහ ටෙන්ඩර් පටිපාටියේ විනිවිදභාවයකුන් යුක්තව පවත්වාගෙන යාම වැදගත් වන බැවින් මේ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග,  ජනාධිපති ලේකම් , මුදල් මුදල් අමාත්‍යංශ ලේකම් මෙන්ම සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් , ගුවන් තොටුපල සහ ගුවන් සේවා  සභාපතිවරයාට  අදාල පාර්ශව වලට සේවක මඩුල්ලක් විසින් රහසිගත ලියවිල්ලක් මාර්ගයෙන් දැනුම් දී ඇතැයි සදහන්.  එමගින් ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදල් වන රජයේ විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිය. එමෙන්ම ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ ඉහත සදහන් කරන ලද ජෙෂ්ට නිලධාරී දෙදෙනාගේ වත්කම් සහ ඉපයීම් මෙන්ම එම රේඩාර් පද්ධතිය සම්බන්දයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිලධාරීන් දෙදෙනාගේ වත්කම් සහ ඉපයීම් සම්බන්දයෙන් තරයේ විමර්ශනයක් සිදු කල යුතුව ඇත.  කෙසේ වෙතත් අප ලද තොරතුරු වලට අනුව සදහන් වන්නේ   එක නිලධාරියෙක් විසින් විශාල මුදලකට මෝටර් රථයක් මිලදී ගෙන ඇති අතර අනෙක් නිලධාරියා විසින් මල්වානේ පිහිටි සුකොපොභෝගී නිවසක් මිලදී ගෙන ඇති බවය
මෙය පෙර සැලසුම් කරන ලද පොදු දේපල අවභාවිතා කිරීමය ශ්‍රී ලංකාවේ පොදුදේපල පනත යටතේ ඇප ලබා දිය නොහැකි වැරදිය. පොදු සමාජයේ යහපත උදෙසා මේවා සොයා බැලිය යුතුය. මේ පිලිබදව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ විමර්ෂණ කටයුතු සිදු කෙරෙණ බවයි.
By Ashanthi Warunasuiya