චීන ණය හරහා 4% කොමිස් ගැනීම සහ රට උකස් කිරීම

China loans
මේ ආන්ඩුව ආපු ගමන් කලේ විවිධ බදු වර්ග අඩු කිරීමට බවත් නමුත් මේ වන විට සිදු වන්නේ රට උකස් කිරීම බව ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය දර්ශන තන්ත්‍රිගේ මහතා පවසයි.
මේ පිලිබදව අදහස් දක්වමින් ඔහු මෙසේද පවසයි ,
 අය වැය වාර්තාවක්, මහබැංකු වාර්තාවක් කියවා ඇති 8 පාස් කෙනෙකුට වුවත් බදු යනු රජයේ ආදායම් ලබාගන්නා මූලාස්‍රයක් බව වැටහෙයි.එනමුත් ආන්ඩුව ගත් සැනින් ඉවක් බවක් නැතිව බදු ගනනාවක් අඩු කලේය. මේ සියල්ල කලේ රුපියල් 100 ක් ලැබෙන විට රුපියල් 200ක වියදමක් ඇති මොහොතකය.
ආන්ඩු වෙනස්වුවත් ගිවිසුම් ගත වූ සහ ඉදිරියට යමින් තිබු ව්‍යාපෘති ඇනහිටින්නේ නැත. පහුගිය ආන්ඩුවේ බොහෝමයක් වැරදි අතර ඔවුන් කල හොද දේවල් නම් අවම පොලී අනුපාතික යටතේ දිගු කාලීන ණය ලබා ගැනීමය. නිදසුනකට මාලඹේ කොටුව සැහැල්ලු දුම්‍රිය ව්‍යාපෘතිය වැනි ඒවා අවම පොලී අනුපස්තික යටතේ ගැනිනි.
මේ ආන්ඩුව ආ විගස බදු අඩුකරමින් දේශපාලන සීනී පොල්කොහු බෙදද්දී ජාත්‍යන්තර ණය ශ්‍රේනිගත කිරීමේ සමාගම් එය බැලුවේ වෙනත් අයුරකිනි. රාජ්‍ය ආදායම් ලබාගන්නා මූලාස්‍රය වසා ගත්විට ට්‍රිලියන 11 ක තරම් ණයක් කන්දේ වාර්ෂික ණය සහ පොලී ගෙවන්නට රටේ ආදායම් එන්නෙ කෙලෙසද කියාය. ඒ සදහා පෙනෙන සාධනීය තොරතුරු නැතිවිට ණය අයකර ගැනීමට අසීරු රටක් ලෙස ශ්‍රේනිගත කලහ.
සරලව කිව්වොත් බැංකුවකින් අපි ණයක් ගෙන මාස කිහිපයක් නොගෙවා සිටි විට CRIB එකට ගියාම ආයේ බැංකුවකින් හෝ මූල්‍ය සමාගමකින් ණයක්,ලීසිං පහසුකමක් ගන්නව තබා ඇපයකටවත් අත්සන් කරන්න බෑ වගේ වැඩකි.
ඉතින් ණය ශේනිගත කිරීමේ සමාගම් අප රට ශේනිගත කිරීමෙන් පහලට දැම්මාම සහන පොලී අනුපාත යටතේ ණය ගන්නට බැරිය.
සාමාන්‍ය පුරවැසි භාවිතාවට ආදේශ කලාම බැංකුව නොදෙන ණය පොලී මුදලාලීගෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව ඔප්පුව ඇපයට ලියා දී ණය ගන්නා නියායට ආන්ඩුව යමින් ඇත.
චීනය ණය දෙන්නට රුසියෝය. ඒ තියරිය පොලී මුදලාලීගෙ තියරියයි. හම්බන්තොට වරාය ගිය ආන්ඩුවට දෙන්නවුනේ එහෙමය. චීන ණය වලින් රටවල් විදි තත්වයන් ගැන මේ පිටුවේ යටට ගිහින් බැලුවොත් වැඩි විස්තර ඇත.
චීන ණය දෙන සමාගම් මේ ණය දෙනව විතරක් නොව අඩුම තරමින් 4% ක පමන කොමිස් කුට්ටියකුත් ණයත් සමග දෙයි.ඒක රටට නොව ,රට වෙනුවෙන් ණය ගන්නාටය.
මේ වගේ කොමිස් කුට්ටි මූල්‍ය අරමුදල JAIKA, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව දෙන්නේ නැත.ඔවුන් දාන්නෙ කොන්දේසි ය. විනිවිදභාවය,මානව හිමිකම් රැකීම වගේ දේවල් ඒකට ඇතුලත් ය.
චීනය මිතුරෙකු කොරගෙන මූල්‍ය අරමුදල, ලෝක බැංකුව පට්ටගහලා දේශප්‍රේමී අයිසින් එක දැම්මාම අපේ රට්ටු මේ කේක් එක බස බස ගාලා කන්නේය.මිලියන 1000කවගේ ණයක් ගනිද්දි ඒක නිධානයක් ලැබුනා වගේ පුවත් මවල දෙන්නට මාධ්‍ය ඇත. ඒවට හිලව් වෙන්න ආන්ඩුවේ දැන්වීම් ලැබුනාම ඒ ආයතන ගොඩය.
මිලියන 1000ක් වගේ එද්දි අර 4%න් පොඩි පොඩි කෑලි ටිකක් එහෙ මෙහෙ විසි කලාම මේ ණය ධන නිධානයක් කියන්න උගත්තු ද ඇතුලු විවිධ කන්ඩායම් ඇත. ඒ කියන ඒවා දෙතුන් ගුනයකින් රස කරලා සමාජයට ගෙනියන්නට සමත් සමාජ ජාලා ද ඇත.
වැඩේ කියන්නෙ මේ ණය කන්ද අර කොමිස් මුදලද සහිතව ගෙවන්නේ මිලියන 22ක ජනයාය.මෙයින් වැඩ කරන ජනයාය.අර පොඩි පොඩියට කඩේ යන එකා ද නොදැනම ගෙවන්නේය.
රටක ජාතික ප්‍රතිපත්ති නීතීගත වෙනතෙක් කතාව මේකය.