සිංහල සිනමාව 73වන සංවත්සරය

vivara-13-2
ජාතික චිත්‍රපට සංස්ථාවේ 48වන සංවත්සරය සහ සිංහල සිනමාව 73වන සංවත්සරය සමරයි
සිනමාවේ 73වන සංවත්සරය  මේ වසර 19 වනදාට යෙදී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ 48වන සංවත්සරයද යෙදී ඇත්තේ ද අදටය. 19වනදා.
ඒ වෙනුවෙන් පැරණි චිත්‍රපට ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව අද සිට 19වනදා සිට 21වනදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.
චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ උපදෙස් පරිදි මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව 19වනදා සවස 5.00ට ධර්මසිරි බණ්ඩාරණායක මහතා අධ්‍යක්ෂනය කළ “හංස විලක්” චිත්‍රපටයද, 20වනදා “ඩිංගිරි මැණිකා” චිත්‍රපටයද, 21වනදා “සැඩ සුළං” චිත්‍රපටයද තිරගත වීමට නියමිතයි.