ඉදිරි මැතිවරණයේදී එජාපය නායකත්වය නොසලකා හරී

UNP crisis 2
ඉදිරි මහමැතිවරණයේදී තරග වදින සන්ධානයට, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කුමන හෝ අයුරකින් බලනොපාන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම පවසනවා.
පක්ෂ නායකත්වය නිවැරදි ලෙස වෙනස් වනතාක් වත්මන් නායකත්වය පිළි ගැනීමට සිදු වන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ.
මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ පවතින නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි.