විදේශීය සමාගම් ලංකාවේ සංස්ථාපනය කිරීම තාවකාලිකව අත්හිටුවයි

Company-registration-Sri-Lanka
නැවත දැනුම් දෙන තුරු විදේශීය හිමිකාරීත්වය සහිත සමාගම් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා
රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙහි නිල වෙබ් අඩවියේ නිවේදනයක් පළ කරමින් ඔවුන් පවසන්නේ ආයෝජන මණ්ඩල අනුමත සමාගම් සඳහා මෙම තීරණයෙහි බලපෑමක් නොමැති බවයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සංස්ථාපන අංශය ඇමතීමෙන් ලබා ගත හැකි බව එම නිවේදනයේ දැක්වෙන අතර ඒ සඳහා පහත දුරකතන අංක ලබා දී තිබෙනවා. 0112689208/09 – EXT 245, DIRECT 0112689616