ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතාගේ අවසන් කටයුතු

82295381_123201165847742_1276156704878231552_n (1)

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (15) බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

පිළිකා රෝගයකින් පීඩා විදි ඒ මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා.

වසර 49 ක් ශ්‍රී ලංකේය කලා කෙත පෝෂණය කළ ජයලත් මනෝරත්නයන්ගේ වියෝව මෙරට කලා ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි රංගන ශිල්පී ජයලාල් රෝහණ ප‍්‍රකාශ කළේ.

ජයලත් මනෝරත්නයන්ගේ රංග ප‍්‍රතිභාවයෙන් නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ට ලබාගත හැකි ආදර්ශ බොහොමයක් තිබෙන බවයි රංගන ශිල්පී ජයන්ත මුතුතන්ත්‍රි ප‍්‍රකාශ කළේ

81976023_145756353511788_1442996354463825920_n82385591_145756390178451_2051196940854493184_n