ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් ලබන 13 වැනිදා දිවයිනට

Alice Walls

දකුණ හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් දෙදින නිල සංචාරයක් සඳහා ලබන 13 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

එම සංචාරයෙන් අනතුරුව ඇය ඉන්දියාවේ සහ පකිස්ථානයේ සංචාරය කිරිමට නියමිත බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

ශ්‍රී ලංකා සංචාරයේදී රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයින් සමග ඇලිස් වේල්ස් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මානව හිමිකම්, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපීය පොදු අභිලාසයන් ඇතුළුව කලාපීය හා ද්විපාර්ශික ගැටලු පිළිබඳ එහිදී අවධානය යොමු කිරිමට නියමිත වේ.