එජාපයෙන් සන්ධානයක්?

unp-descussion_1
එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සම්බන්දයෙන් අද උදෑසන සිට පැවැත්වූ සාකච්ජා අසාර්ථක වූ බව පැවසෙනවා. ඒ හමුවේ එජාපයේ සාමාජිකයන් දැඩි කණගාටුවට පත්ව සිටින බවයි Boston අපට දැන ගැනීමට හැකි වුණේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනුවෙන් අද දවසේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී සාකච්චා පැවැත්වුනේ සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන්. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්චා අතරතුර කිසිවක් නොපවසා පිටත්ව ගිහිං.
උදැසන ආරම්භ වී මෙම සාකච්චාව එසේ අවසන් වූයේ රාත්‍රී 7.30ට පමණය.
එක්සත් ජාතික පක්ෂයේ බහුතර සාමාජිකයන්ගේ අපේක්ෂාව වන්නේ සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත් කිරීමය. නමුත් තවත් කණ්ඩායමක් තවමත් රනිල්ගේ නායකත්වය බලාපොරොත්තු වෙනවා.
කෙසේ වෙතත් Boston අප කළ  විමසුමට පිළිතුරු දෙමින් එජාපයේ ඉහළ පෙළේ සාමාජිකයකු ප්‍රකාශ කළේ මෙම තත්වය දිගටම පැවතුණහොත් සජිත්ගේ නායකත්වයෙන් ඔවුන් වෙනත් සන්ධානයක් පිහිටුවන බව.
එසේ වුවහොත් එජාපයේ ප්‍රබලයන් දෙකට බෙදීමක් සිදු වෙනවා. එවිට මෙසේ පෙන්නුම් කරන්නේ පක්‍ෂය දෙකඩ වීමක්ද යන්නද අප ඔහුගෙන් ප්‍රශ්න කළා. එවිට ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂය කඩන්නට ඔවුන්ට වුවමනාවක් නැති බවත් එජාපයේ කොටසක් ලෙස සිට එසේ වෙනත් සන්ධානයක් සජිත් සමඟ ගොඩ නගන බවත්ය.