රන්ජන් අත්අඩංගුවට

Ranjan arrested

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන රාමණායක මිට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ පතොරම් 127ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි.

මන්ත්‍රිවරයා සතුව තිබු ගිනි අවිය සඳහා අවසන් වරට බලපත්‍රය ලබාගෙන ඇත්තේ 2016 වසරේදී බවයි පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ.

මෙම ගිනි අවිය සහ පතොරම් වලට අමතරව රන්ජන් රාමණායක මන්ත්‍රිවරයාගේ නිවසේ තිබී සැකකටයුතු ලේඛණ කිහිපයක්, CD තැටි කිහිපයක්, දෘඩ තැටි තුනක් සහ පරිගණක දෙකක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කලේ රන්ජන් රාමණායක මන්ත්‍රිවරයා ගෙන් අද දිනයේදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හෙට (05) දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

බස්නාහිර දකුණ පළාත් භාර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මාදිවෙල මන්ත්‍රි නිල නිවාස සංකීර්ණයේ පිහිටි රන්ජන් රාමණායක මන්ත්‍රිවරයාගේ නිවස පරික්ෂා කරනු ලැබුවා