නව ජනාධිපතිවරයාගේ පාලනයෙත් නීතියේ හිල්.. මෝරුන් එළියේ සිටිද්දී හාල්මැස්සන් ඇතුලේ.

Symbol of law and justice with Sri Lanka Flag. Close up.

 

බරපතල ගණයේ අපරාධ රටපුරා තවමත් ක්‍රියාත්මක වෙද්ද
දේශපාලන පළිගැනීම් සදහා පාර්ලිමේන්තු මන්තිවරුන් අත්අඩංගුවට
ගැනීම අප සංවිධානය තරයේ හෙළා දකිමු.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබද විවිධ විවේචන අප
සංවිධානය සතුව ඇතත් මෙරට ජනතාව වෙනුවෙන් විවිධ
අවස්ථාවල ඔහු නොබියව පෙනී සිටි චරිතයකි. එබැවින් ජනතාවාදී
දේශපාලන නායකයින් මෙවැනි වරදවල් මත අත්අඩංගුවට ගැනීමේදී
රජය මීට වඩා සැළකිලිමත් නොවුනහොත් රජය ලද තැනම ලොප්
වීමට ඉඩ ඇති බව මේ අවස්ථාවේ අවධාරණය කරමු.

රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලීසිය විසින්
අත්අඩංගුවට ගත් මෙම අවස්ථාවේදී මේ රටේ තවත් පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයෙකුගේ අනුග්‍රහය ලැබෙන නීති විරෝධී සූදුවක් පිළිබදව
අප පොලීසියේ අවධාණය යොමු කරන අතර එම ස්ථාන වටලා
නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සමත් වුවහොත් ශ්‍රී ලංකා
පොලීසිය ස්වාධින පොලීසියක් වනු ඇත.

1. අංක: 267, ගාලුපාර, කොළඔ 03 යන ලිපිනයේ මුලස්ථානය
පිහිටි Sporting Times ආයතනය සහ මෙරට අමාත්‍යවරයෙකුගේ පවුලකට අයත් Sporting star ආයතනය හා Leisure Sport ආයතන
සතුව රටපුරා සුදු මධ්‍යස්ථාන 412 කට අධික සංඛ්‍යාවක්
දිවයින පුරා පවත්වාගෙන යනු ලබයි. 1930 අංක 9, 1930
අංක 29 හා 1943 අංක 55 දරණ සූදු ආඥාපනත අනුව සජීවි
අශ්වරේස් සදහා ඔට්ටු ලබා ගැනීමට මෙම මධ්‍යස්ථානවලට
බලය ලැබී තිබුනද වර්තමානයේ මෙම සමාගම මෙම සූදු
මධ්‍යස්ථානවලදී ක්‍රිකට් ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව සහ වෙනත්
ක්‍රීඩා සදහා ඔට්ටු ලබා ගැනීම සිදු කරනු ලබන අතර
පරිගණක මෘදුකාංගයක් මගින් සාදන ලද (Animation) සජීවී
නොවන අශ්ව සහ සුනඛ රේස් සදහාද ඔට්ටු ලබා ගැනීම
සිදුකරනු ලබයි(TRUCK SIDE) එසේ ඔට්ටු ලබා ගැනීම
නීතිවිරෝධීවේ.

ඉහතතින් අප පෙන්වා දුන් මධ්‍යස්ථාන පොලීසිය විසින්
වටලන තෙක් අප සංවිධානය දෑස් දල්වා බලා සිටිමු.

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය